Thursday, April 2, 2015

Video: ක්‍රීඩාව නැංවීමට හා ක්‍රීඩකයන් ආරක්ෂා කිරීමට අතුරු කමිටුවක් පත්කලා ක්‍රීඩා ඇමති කියයි

අන්තර් පාලක කමිටවුක් පත් කලේ ක්‍රීඩකයන් ආරක්ෂා කිරීමටත්, ඔවුන් රටට ගෙන එන මූල්‍යමය සම්පත් රටට යහපතක් වෙන ආකාරයට යොදාගැනීමට හැකිවෙන වටපිටාවක් සකසා ගැනීමට බව ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කලේය. එසේම කුමර් සංගක්කාර හා මහේල ජයවර්ධනට ක්‍රිකට් ආයතනයෙන් අතිරේක පීඩනයක් එල්ල වෙමින් පැවති බවද ක්‍රීඩා අමාත්‍යවරයා ‍එහිදී හෙළි කලේය.

එසේම කුමාර් සංගක්කාරට තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ආරාධනා කරනබවත්, ඒ සඳහා සාකච්චා පැවත්වූ බවත් අමාත්‍යවරයා පැවසීය.


එසේම මහේල ජයවර්ධන යොවුන් ක්‍රීඩකයන් ගේ ක්‍රීඩාව නැංවීමට උපදේශන සේවාවක් ලබාදීම කැමැත්ත පල කලබව අතුරු කමිටු සභාපති හිටපු ටෙස්ට් ක්‍රීඩක සිදත් ‍වෙත්තමුනි මහතා පැවසීය. එමෙන්ම හිටපු දඟපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ද හැකි සෑම විටම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට උපකාර කිරීමට කැමැත්තෙන් සිටින බව පැවසූ බවත් ඔහු මෙහිදී පැවසීය.

නව අතුරු කමිටුව වැඩ භාරගත් දින පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මොවුන් මේ අදහස් පල කලේ ය.