Tuesday, June 16, 2015

පකිස්තාන තරගාවලිය නවකයන්ට අවස්තාවක් - තේරීම් කමිටු සභාපති

පකිස්තානය සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ශ්‍රීී ලංකා කණ්ඩායමට අභියෝගයක් නොවන බවත්, අමතර පීඩනයකින් තොරව ක්‍රීඩා කිරීමට කණ්ඩායමක් ලෙස උත්සාහ දැරිය යුතු බවත් ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන පැවසීය.

රූපවාහිනී ආයතනයකට සම්මුක සාකච්චාවක් ලබා දෙමින් ඔහු පවසා ඇත්තේ, ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් ඉවත්ව යන කාලයක ක්‍රීඩා කරන මෙම තරගාවලියේදී නවක ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් ලැබෙන බවයි. එසේම එම ක්‍රීඩකයන් තරගාවලියේදී දක්වන දක්ෂතා අනුව තරගාවලිය ජය ගැනීමේ අවස්තාව ඇති බවද කපිල මහතා සඳහන් කලේය.

නව ජාතික තේරීම් කමිටුව පත්වීමෙන් අනතුරුව පැවැත්වෙන පලමු තරගාවලිය වන මෙය  ඔවුන්ටද අභියෝගයක් වනු ඇත. ශ්‍රී ලංකාව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හී පහළ ස්ථානයක පසුවවත්  පකිස්තානයට එරෙහිව මෙරටදී අවසන් වරට පැවති තරගාවලි දෙකම ජය ගෙන ඇත. 

මෙම වසරේ පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පලමු ජාත්‍යන්තර තරගාවලිය වන පකිස්තාන තරගාවලිය හෙට ගාල්ලේදී ආරම්භ වනවා.

ටෙස්ට් තරග තුනක් එක්දින තරග 5ක් හා පන්දුවාර 20/20 තරග දෙකකින් මෙම තරගාවලිය සමන්විතය.