Tuesday, June 16, 2015

අභියෝගයට සූදානම් - නවකයන්ට වැඩි අවස්ථාව - ඇන්ජලෝ


හෙට (17) පකිස්තාන කණ්ඩායමට එරෙහිව ගාල්ලේ දී  ආරම්භවන ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වනු ඇති බව නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කලා. ගාල්ලේදී අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කලේ දීර්ඝ විවේකයකින් පසුව පැවැත්වෙන මෙම තරගාවලියේදී නවකයන්ටද අවස්ථාව ලබා දීමට අදහස් කර අති බවය.
"ඇත්තටම ලොකු අභියෝගයක්, සංගාක්කාරත් රිටයර් වෙන්න සූදානම් ඊට පස්සෙ අපිට අපිට ලේසි වෙන්නෙ නැහැ. අප කල යුත්තේ නවක ක්‍රීඩකයන්ට අවස්තාව දීල ඔවුන්ට පරිණත වෙන්න අවස්තාව ලබා දීම. කණ්ඩායමක් වශයෙන් හා නායකයා ලෙස අපි ඉවසිලිවන්ත වෙන්න ඔනෙ නවකයන්ට අවස්තාව දෙන කොට අපිට එක පාරට බලාපොරොත්තු වෙන්න බැහැ හොඳින් ක්‍රීඩා කරයි කියල."
2012 හා 2014 වසරවලදී පකිස්තානයට එරෙහිව මෙරටදී ක්‍රීඩා කල ටෙස්ට් තරගාවලි දෙක ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ගෞරවාන්විතව මෙම තරගාවලිය ජය ගැනීමේ අවශ්‍යතාවය මත ක්‍රීඩා කිරීමේදී කණ්ඩාමට අතිරේක පීඩනයක් ඇත්දැයි කල විමසීමකදී නායක මැතිව්ස් ප්‍රකාශ කලේ අතීත දක්ෂතා පදනම් කර ඉදිරි තරගාවලි වලදී දක්ෂතා අපේක්ෂා කල නොහැකි බවයි.
"මම පෞද්ගලිකව විශ්වාස කරන්නෙ නැහැ පහුගිය දේවල් පිලිබදව, මම හිතන්නෙ අපි හොඳින් ක්‍රීඩා කරොත් අපිට මේ තරගාවලිය ජයග්‍රහණය කරන්න පුලුවන්. පහුගිය වතාවල පකිස්තාන කණ්ඩායම පරාජය කලා කියල මේ තරගාවලිය ලේසීයට ගන්න බැහැ. "
විවේකයක් ලබා දීම  අද පුහුණු කටයුතු සඳහා රංගන හේරත් සහභාගී නොවීය. එසේම ආබාද තත්වයෙන් සිටි සුරංග ලක්මාල්ද හෙට තරගයට ක්‍රීඩා නොකරන බව නායක ඇන්ජලෝ මැතිව්ස් තහවුරු කලා.

මැද පෙල පිතිකරුවන් තෝරා ගැනීමේදී පලමුවරට ටෙස්ට් සංචිතයට කැඳවූ කුසල් ජනිත්, ජෙහාන් මුබාරක් හා කිත්රුවන් විතානගේ වෙත වැඩි අවධානය යොමුවී තිබේ. ඒ අනෙක් පිතිකරුවන්ගේ ස්ථාන තහවුරු වී තිබීම හේතුවෙනි.
"අපිට කණ්ඩායම තෝරනකොට සෑහෙන ලොකු අභියෝගයක් තියෙනව මොකද, හොඳ දඟ පන්දු යවන්නන් තුන්දෙනෙක් ඉන්නව. රංගන හේරත් එක්ක අනිත් එක්කෙනා කවුද කියල සහ පිතිකරුවන් හත් දෙනයි අවසානවන්ත ලෙස තෝරා ගන්න පුලුවන් නව දෙනාගෙන්. "
2006 වසරින් පසුව මෙරටදී පකිස්තානයට එරෙහිව පැවති සියලුම ටෙස්ට් තරගාවලි ජය ගැනීමට ශ්‍රී ලංකා ව සමත්ව සිටින අතර, දෙරට අතර පැවති තරග 48 න් තරග 13 ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර පකිස්තානය තරග 17ක් ජයගෙන සිටියි.