Wednesday, June 17, 2015

කුමාර් සංගක්කාර මහනුවර ‍ක්‍රීඩා නොකීරීමේ තීරණයක ? 

ටෙස්ට් ක්‍රික‍ට් දිවියෙන් විශ්‍රාම ගැනීමේ අදහසින් පසුවන ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පකිස්තාන කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ දී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකරනු ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් ඔහු මේ පිලිබදව නිල ප්‍රකාශයක් සිදුකර නොමැත. මාධ්‍ය වාර්තා අනුව ජූලි 3 වැනිදා සිට 6 වැනිදා දක්වා පල්ලෙකැලේදී පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයට කුමාර් සංගක්කාරගේ සහභාගිත්වය අවිනිශ්චිතව ඇත්තේ, ඔහු නි‍යෝජනය කරන එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමක් වන සරේ කණ්ඩායමේ තරග කිහිපයක්ද එම කාලය තුළ පැවැත්වීමයි. 



සරේ කණ්ඩායම හා ඇති ගිවිසුමට අනුව එම කණ්ඩායම සහභාගීවන තරග සඳහා සහභාගීවීමට සංගක්කාර එංගලන්තයට යනු ඇති. එමෙන්ම ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන පලමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසුව කුමාර් සංගක්කාර සමුගනු ඇතිබවද වාර්තා වේ. ඒ අනුව එම තරගාවලියේදීද පල්‍ ලෙකැලේ පැවැත්වෙන තරග සඳහා ද සංගක්කාරට සහභාගීවීමේ අවස්තාව හිමිනොවේ.

කුමාර් සංගක්කාර
තරග - 130 ලකුණු - 12203 වැඩිම - 319 සාමාන්‍ය 58.66 ශතක 38  ද්විත්ව ශතක 11 

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පලමු ටෙස්ට් තරගය ක්‍රීඩා කල සංගක්කාර එම ක්‍රීඩාංගණයේදීම අවසන් තරගයට ක්‍රීඩා කිරීම ඔහුගත් තීරණයක් විය හැක. කුමාර් සංගක්කාර ගාල්ලේදී තරග 21ක් ක්‍රීඩා කර එහිදී  54.78 ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු  1808 ක් ලබා ගෙන ඇත. එහිදී ශතක 7 ක් වාර්තා කල ඔහු වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස 221 ක් පකිස්තානයට එරෙහිව පසුගිය වසරේදී වාර්තා කලේය.

නමුත් පසුගිය වසර 3ක කාලය තුළ තරග 6 කදී ශතක 4 ක් සමගින් 80.80 ක සාමාන්‍යක් රඳවා ගනිමින් ලකුණු 808 ක් ලබා තිබීමෙන් පැහැදිලි වන්නේ සංගක්කාරට මෑත කාලයේදි ක්‍රීඩා කිරීමට ලැබුණු වාසනාවන්තම ක්‍රීඩාංගණය මෙය ලෙසය.

වාර්තාවන අන්දමට ටෙස්ට් දිවි‍යේ අවසන් තරගාවලි දෙකේදීම පල්ලෙකැලේ පැවැත්වෙන තරගයකට හෝ සහභාගීවීමට සංගක්කාරට අවස්ථාව හිමිනොවනු ඇති. එසේ වුවහොත් ඔහු උපන් ප්‍රදේශය වන මහනුවර ක්‍රිකට් ලෝලීන්ට සංගක්කාර ක්‍රීඩා කරනු සජීවීව දැක ගැනීමේ‍  අවස්ථාව අහිමි වනු ඇත.