Wednesday, June 24, 2015

ඩිල්රුවන් දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට ධම්මික වැට උඩ

ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර හෙට ආරම්භවන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට අතක අබාධයට ලක්ව සිටින ඩිල්රුවන් පෙරේරා සහභාගී නොවන බව වාර්තාවේ. ඔහු පලමු තරගයේ දී ප්‍රතිවාදී කඩුලු 4 ක් දවාගත් පන්දු යවන්නාය. එසේම ධම්මික ප්‍රසාද්ද අබාධයකට ලක්වීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා අද යොමුවිය.

ඒ අනුව පිටදඟ පන්දු යවන තරිඳු කෞෂාල්ට අවස්තාව හිමිවීමේ අවස්තාව ඇති අතර, දුශ්මන්ත චමීර හෝ සුරංග ලක්මාල්  ධම්මික වෙනුවට අදේශ වනු ඇත.