Sunday, July 5, 2015

එෆ්.ඒ. පාපන්දු කිරුළ කොළඹට - අනුශූරතාව කලුතරට

එෆ් .ඒ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව පලමුවරට හිමිකරගැනීමට කොළඹ පාපන්දු සමාජය සමත්විය. පසුගියවර අනුශූරයන් වූ කළුතර බ්ලූස්ටාර් කණ්ඩායමට එරෙහිව පැවති අවසන් තරගයේදී කොළඹ පාපන්දු සමාජය ජය වාර්තා කලේ ගෝල 1ට 0ක් ලෙසයි.

තරගයේ පලමු අර්ධයේදී දෙපිලෙන්ම ගෝල වාර්තා නොවූවත්, කොළඹ පාපන්දු සමාජයයේ ඩිලාන් මධුශංක දෙවැනි අර්ධය ආරම්භවී කෙටි වේලාවකට පසුව ජයග්‍රාහී ගෝලය වාර්තා කලේය.

2008 වසරේදී ආරම්භ කල කොළඹ පාපන්දු සමාජය මෙවර ලීග් පාපන්දු තරගාවලියේ අනු ශූරතාවද හිමිකරගැනීමට සමත්වූ කණ්ඩායමයි.

ජ්‍යේෂ්ඨ ක්‍රීඩක මොහොමඩ් රවුමිගේ නායකත්වයෙන් ක්‍රීඩා කල කොළඹ පාපන්දු සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කලේ  හිටපු ජාතික ක්‍රීඩකයෙකු වූ මොහොමඩ්  රූමි මහතාය. හිටපු ජාතික ක්‍රීඩකයෙකු වු මොහොමඩ් හම්සාගේ පුහුණුකාරීත්වය යටතේ   බ්ලූස්ටාර් කණ්ඩායම තරග කල අතර, ඊට නායකත්වය ලබා දුන්නේ මොහොමඩ් රමීස්.

අවස්ථා කිහිපයකදීම ලීග් ශූරයාන් හා අනුශූරයන් වී ඇති බ්ලූ ස්ටාර් කණ්ඩායමට එෆ් ඒ ශූරතාවක් හිමිකරගැනීමට හැකිව නැත.