Thursday, July 23, 2015

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරගාවලියත් පකිස්තානය ජය ගනී

සංචාරක පකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියෙන්ද ශ්‍රී ලංකා කණ්ඩායමට අද පරාජය වීමට සිදුවිය. ඒ, කණ්ඩායමේ සංයුතිය තවමත් සකසා ගැනීමට අපොහොසත් වී ඇති නිසාවෙනි.

පලමු කඩුල්ල ඉක්මනින් දැවී ගියද, සාර්ථක ආරම්භයක් දැකගත හැකි විය. ලහිරු තිරිමාන් අංක තුන පිතිකරු ලෙස තම රාජකාරිය ඉටු කලද, ඔහුට ඉනිම පුරා හිඳිමින් ඉනිම පාලනය කල නොහැකිවිය. ඔහුට ඒ අනුව ශතකයක් වාර්තා කිරීමේ අවස්තාවද ලකුණු 10 කින් මග හැරින.

මේ දිනවල ලකුණු අතර සිටින දිනේශ් චන්දිමාල් නොම්බර 4 පිතිකරු ලෙස නොයවා නායක ඇන්ජලෝ මැතිව්ස් එම ස්ථානයේ පන්දුවට පහරදීම පැමිණියේය. අනාගත කණ්ඩායම සකසා ගැනීමේදී පිිතිකරුවන්ගේ සුසංයෝගය ගැනද වැඩි අවධානයක් යොමුකල යුතුය.

පන්දුයවන්නන් නැවතත් අසාර්ථකය, ඔවුන්ගෙන් ඉටුවිය යුතු සේවාව හරි හැටි ඉටුනොවීම හේතුවෙන්ම, කණ්ඩායමේ පීඩනය අතිමහත්ය. ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානම පන්දු යවන්නා ලෙස අවිවාදයෙන් සඳහන් කල හැක. අයි පී එල් තරගාවලියෙන් පසුව මෙරට රැඳී සිටි මාලිංග තම පුහුණුවීම් කටයුතු පවත්වාගෙන ගියේද යන්න සැක සහිතය. ඒ ඔහු වර්ථමානයේ දක්වන අලස තරග රටාව හේතුවෙනි.

ලසිත් මාලිංග අද පන්දුවාර 2 ක් යොමුකිරීමෙන් පසුව 10 වැනි පන්දුවාරයේ සිට එක දිගට පන්දුවාර 6 ක් යොමුකර ඔහුගේ පන්දුවාර 10න් අටක් අවසන් කලේය. යම්කිසි හේතුවක් මත නායක ඇන්ජලෝ මැතිව්ස්ට ඔහුගෙන් පලක් නොවනු ඇති බව හැ‍ඟෙන්නට ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අද පරාජයෙන් පසුව තරග 3-1 ක් ලෙස පසුබා සිටීම හේතුවෙන් හම්බන්තොට පැවැත්වෙන ඉතිරි තරගයට කිසිවෙකුගේ අවධානය යොමු නොවනු ඇත.