Saturday, August 29, 2015

ශ්‍රී ලංකවේදී පන්දුව දමා ගසා චෝදනා ලැබූ අජ්මාල් නැවත කරළියට

පන්දුව දමා ගසන බවට චෝදනා එල්ලවීම හේතුවෙන් තහනමට ලක්ව සිට නැවත පිටියට පිවිසි පකිස්තාන ක්‍රීඩක සහීඩ් අජ්මාල් ඉදිරියේදී ජාතික කණ්ඩායම නියෝජනය කිරිමට බලාපොරොත්තුවන බව පවසයි.


ඒ හේතුවෙන් ඔහු නැවත එරට පැවැත්වෙන දේශීය තරගාවලියට සහභාගීවීමට තීරණය කර තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගැනීමෙන් පසුව ඔහු දේශීය තරගසදහා සහභාගී වුවත්, සුපුරුදු දක්ෂතා දැක්විය නොහැකි විය. 

කෙසේ වෙතත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ නැවත තමන් සුපුරුදු රිද්මයෙන් පන්දුයෑම ආරම්භ කර තිබීම හේතුවෙන් අනාගතයේදී ජාතික කණ්ඩායමේ අවස්තාවක් බලාපොරොත්තුවෙන් පසුවන බවයි.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී අජ්මාල් පන්දුව දමාගසන බවට චෝදනා එල්ලවු අතර, ඔහු වරදකරු වුණා.