Sunday, August 30, 2015

Video: වැට කඩුලු මතින් මැරතන් දිවූ නිලූකා ලොව හොඳම 50 අතරට

ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මැරතන් ඉසව්වට සහභාගී වූ නිලූකා රාජසේකරට බලාපොරොත්තුවූ දක්ෂතා දැක්වීමට නොහැකිවුවත්, ක්‍රීඩිකාවන් 64 අතරින් 49 වැන්නා ලෙස තරගය අවසන් කිරීමට සමත්විය.



ඇය මෙන්ම පිරිමි මැරතන් ඉසව්වට සහභාගීවූ, අනුරාධ ඉන්ද්‍රජිත් කුරේද ලෝක ශූරතා පරිසාදන මට්ටම අභිබවා යමින් මෙවර තරගාවලියට සහභාගීවීම විශේෂත්වයක්.

අද තරගයේදී නිලූකා දැක්වූ දක්ෂතාව පැය 2 යි මිනිත්තු 50යි තත්පර 40 ක කාලය් වන අතර, ඇයගේ  උපරිම දක්ෂතාව පැය 2 යි මිනිත්තු 40 යි තත්පර 7 කි. 

මැරතන් ක්‍රීඩාව ආරම්භ කර කෙටි කලකදී ලෝක ශූරතාවට මෙන්ම ලබන වසරේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලටද ඇය සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයක්.
විදෙස් පුහුනුවීම් නොමැතිව ලන්කාවේ කෑම කා අවම පහසුකම් යටතේ ලන්කාවේ පුහුනුවී පෙර තරග දෙකක පමනක් අත්දැකීම් ඇතිව තරග කර හොන්දම ක්‍රීඩිකාවන් 50 තුලට පැමිනීමට මාගේ මුල්ම අවස්තාවේ හැකිවීම ගැන සතුටු වෙමි.
මුල් කිලෝමීටර 10 මාගේ වේගය මදක් වැඩිවීම මා බලාපොරොත්තු වූ පරිදි තරගය නිම කිරීමට බාදාවක් විය. නමුත් ක්‍රීඩිකාවන් විශාල ප්‍රමානයක් තරගය අත හැර දමද්දී මේ අයුරින් හෝ තරගය නිම කිරීමට හැකි වීම ගැන සතුටු වෙමි.
                                               -  ගීතානී නිලුකා රාජසේකර  

මෙම තරගයේදී  ඉතියෝපියාවේ මරේ ඩිබාබා ජය වාර්තා කලේ, අවසාන මීටර් 100 ක දුරක් වේගයෙන් අවසන් කරමින්වීම හේතුවෙන් ඇයගේ ජයග්‍රහණයද විශේෂත්වයක් වුණා.

 තරගයේ දර්ශන පෙලක්