Tuesday, September 1, 2015

ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගයේ නොසන්සුන් වූ ක්‍රීඩකයන්ට දඩ

ඉන්දු - ශ්‍රී ලංකා තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේදී තරග නීති කඩ කල බවට චෝදනා එල්ල කරමින් දෙපිලේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට දඩ නියම කිරීමට තරග තීරක වරයා තීරණය කර තිබේ. තරගය අවසන් වීමෙන් අනතුරුව මේ බව නිළවශයෙන් නිවේදනය කරනු ඇත.


අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිළ මාධ්‍ය ට්විටර් ගිණුම හරහා මේබව අද පෙරවරුවේ නිවේදනය කලේය. ඊට අනුව, ධම්මික ප්‍රසාද්, දිනේශ් චන්දිමාල් හා ලහිරු තිරිමන්න යන ක්‍රීඩකයන්ට මෙන්ම ඉන්දීය ක්‍රීඩක ඉෂාන්ත් ශර්මාට දඩ නියම කිරීමට නියමිතයි.

ඉෂාන් ශර්මාට දෙරට අතර පැවති දෙවැනි තරග‍යෙන් පසුවද දඩ නියම කෙරුනේ කඩුලු දවා ගැනීමෙන් පසුව අශෝබන ආකාරයෙන් එය සැමරීමේ චෝදනාව යටතේයි.

දෙවැනි තරගයෙන් පසුව එය සැමරූ ආකාරය.


තුන්වැනි තරගයේ සිව්වැනි දිනයේ ක්‍රීඩකයන් අතර ඇතිවූ නොසන්සුන්කාරී තත්වයේ සම්පූර්ණ වීඩියෝව.