Tuesday, September 1, 2015

චන්දිට හා ඉෂාන්තට තරග තහනමක්, ධම්මික හා තිරීට දඩ

 ඉන්දු - ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේදී තරග නීති කඩකල ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, ධම්මික ප්‍රසාද් හා ඉන්දිය ක්‍රීඩක ඉෂාන්ත් ශර්මාට දඩුවම් නියම කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.



දෙරට අතර පැවැති තෙවැනි තරගයේ සිව්වැනි දිනයේදී, ඉෂාන් ශර්මාගේ ඇ‍‍ගේ ගැටෙමින් වචන හුවමාරුවක යෙදීම හේතුවෙන් චන්දිමාල්ට දඩුවමක් ලෙස එක් ජාත්‍යන්තර එක්දින තරගයක තහනමක් පණවා ඇත. ඔහුට ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු එක්දින තරගයට ක්‍රීඩා කිරීමේ අවස්තාව අහිමිවනු ඇති.

දෙරට අතර පැවති දෙවැනි ටෙස්ට් තරගයේදී ලහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල්ගේ කඩුලු දවා ගැනීමෙන් පසුව අශෝබන ලෙස හැසිරීම මෙන්ම, තුන්වැනි තරගයේ සිව්වැනි දිනයේ දී ධම්මික ප්‍රසාද් සමග වචන හුවමාරුවක යෙදීම හේතුවෙන් ටෙස්ට් තරගයක් ක්‍රීඩා කිරීමේ අවස්තාව ඉෂාන්ත් ශර්මාට අහිමිවනු ඇති.

ඔහුට ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත පලමු ටෙස්ට් තරගයට සහභාගී වීමේ අවස්තාව අහිමි වේ. ඉෂාන්ත් මෙලෙස ක්‍රීඩාංගණයේ හැසිරෙන ආකාරය හේතුවෙන් දඩුවම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, ඉදිරි වසර තුළ තවත් අවස්තාවක් වාර්තා වුවහොත් දැඩි දඩුවම් පැමිණවීමේ හැකියාව ඇති බවද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිවේදනයේ සදහන්. 

තුන්වැනි තරගයේ සිව්වැනි දිනයේ නොසන්සුන් තත්වයට සම්බන්ධවූ ධම්මික ප්‍රසාද්ට හා ලහිරු තිරිමාන්නටද තරග මුදලින් 50% ක දඩයක් පනවා තිබේ.

ඉහත වැරදි සදහා තමන් වරදකරුවන් බව අදාළ ක්‍රීඩකයන් 
පිළිගැනීම හේතුවෙන් තවදුරටත් පරීක්ෂණ නොපවත්වන බවද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිවේදනය කරයි.

මීට අමතරව දෙවැනි තරගයේ දී පන්දු යැවීමෙදී හැසිරුණ ආකාරය සම්බන්ධයෙන් ඉශාන්ත් ශර්මාට 65% දඩයක් නියම කිරීමට ද පියවර ගෙන ඇත.