Thursday, September 3, 2015

මාවන් පුහුණුකාරධූරයෙන් යන්න යයි

 ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල හිටපු ටෙස්ට් නායකයෙකුද වූ මාවන් අතපත්තු අද සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත්කරමින් එය තහවුරු කල අතර වැඩිදුරටත් පවසන්නේ එම ඉල්ලීම පිලිගත් බවයි.


පසුගිය වසරේ පැවැති ලෝක කුසලාන 20/20 තරගාවලියෙන් අනතුරුව හිටපු ප්‍රධාන පුහුණුකරු පෝල් ෆාබ්‍රේස් ඉල්ලා අස්වීමෙන් පසුව මාවන් ප්‍රධාන පුහුණුකරු ලෙස පත් විය. ඊට පෙර පිතිකරුවන්ගේ පුහුණුකරු හා සහාය පුහුණුකරු ලෙසද මාවන් අතපත්තු කටයුතු කලේය.

ඔහු අද ඉල්ලා අස්වීම හේතුවෙන් ජාතික කණ්ඩායමට පුහුණුකරුවෙකුගේ පුරප්පාඩුවක් අති වුවත්, මේවන තෙක් එම ස්ථානයට අදේශ කරන පුහුණුකරුවෙකු ගැන අවසන් තීරණයක් ගෙන නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම 1990 දී පලමු වරට නියෝජනය කල මාවන් අතපත්තු 2007 තෙක් ජාත්‍යන්තර පිටියේ රැදී සිටියේය.

ටෙස්ට් - 90 ලකුණු 5502
එක්දින - 268 ලකුණු 8529

ඔහු මෙරටින් බිහිවුන අග්‍රගණ්‍ය පිතිකරුවෙකු ලෙස සැලකේ. කෙසේ වෙතත් ඔහු පුහුණුකරුවෙක් ලෙස කටයුතු කල වකවානුවේ ජාතික කණ්ඩායමෙන් සැලකිය යුතු දක්ෂතා ඉස්මතු නොවීම කැපී පෙනින.

එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් පලමුවරට ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ ඔහුට ඉන් අනතුරුව එවැනි දක්ෂතාවක් දැක්වීමට නොහැකිවූ යේ ප්‍රධාන වශයෙන් ජාතික කණ්ඩායමේ පිතික කණ්ඩායම, ලබන මස මෙරට සංචාරය කරන බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගාවලිය නව පුහුණුකරුවෙකු යටතේ ක්‍රීඩාකරනු ඇති.