Wednesday, October 21, 2015

දෙවැනි ටෙස්ට් තරගයේදී තිරිමාන්නට ස්ථානය අහිමිවෙයි - උප නායකත්වය රංගනට

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමට එරෙහිව හෙට (22) කොළඹ පී සරා පිටියේදී ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහියපයක් සිදු කිරීමට අවධානය යොමු කර තිබේ. උප නායක ලහිරු තිරිමාන්න වෙනුවට යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අදේශ කිරීමට තීරණය කර ඇති අති අතර, තරිඳු කෞෂාල් වෙනුවට ක්‍රීඩා කරන්නේ ඩිල්රුවන් පෙරේරායි.


පසුගිය තරග කිහිපයේදීම ලහිරු තිරිමාන්න දිගින් දිගටම අසාර්ථක  විය. එසේම තරිදු කෞෂාල් ද කොදෙව්වන්ට එරෙහිව පැවති පලමු තරගයේදී සැලකිය යුතු දක්ෂතා දැක්වීමට අපොහොසත් විය.

ඒ අනුව රංගන හේරත්ට උප නායකත්වය හිමිව තිබීමද විශේෂත්වයක්. 

දෙරට අතර පැවති පලමු ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් හිමිකරගැනීමට සමත්විය.

සෝබර්ස් - තිසේරා කුසලානය වෙනුවෙන් තරග දෙකකින් සමන්විත මෙම තරගාවලිය පැවැත්වේ.