Saturday, November 28, 2015

ආරම්භක පිතිකරුවෙකු තවම නැහැ - නවකයන් සමග නවසීලන්තයේදී අමාරුයි - ඇන්ජලෝ මැතිව්ස්

යොවුන් කණ්ඩායමක් සමග නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට සිදුවුවත් එය අභියෝගයක් ලෙස භාරගෙන ජයග්‍රහණය සඳහා සියලු උත්සාහයන් යොදන බව ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා පිටත්වීමට පෙර මාධ්‍ය අමතමින් ඔහු මේබව ප්‍රකාශ කලේය. 

ආරම්භක පිතිකරුවන් දෙදෙනා ගැන අවසන් තීරණයක් ගෙන නැතත් පුහුණුතරගයේදී දක්ෂතා දක්වන ක්‍රීඩකයා අනුව එය තීරණය වන ඇති බවද ඔහු එහිදී පැවසීය. දිමුත් කරුණාරත්න නිත්‍ය ආරම්භක පිතිකරුලෙස කටයුතු කලද, අනෙක් පිතිකරුවා කවුරුන්ද යන්න තීරණයකට පැමිණ නැහැ. කුසල් මෙන්ඩිස් හෝ උදාර ජයසුන්දර එම ස්ථානය සඳහා අදේශ වනු ඇති.

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව ලබන මස 10 වැනිදා පලමු ටෙස්ට් තරගය ක්‍රිීඩා කිරීමට නියමිතයි.