Friday, December 4, 2015

ශ්‍රී ලංකාව පන්දු යවන්නන් 11 කගෙන් පන්දු යවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නන් 11 දෙනෙකු යොදා ගත් දුර්ලභ අවස්ථාවක් අද උදා විය. ඒ නවසීලන්ත ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පුහුණු තුන්දින තරගයේ, දෙවැනි දිනයේදීයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී පලමු ඉනිම වෙනුවෙන් ලකුණු 193 ක් රැස්කල අතර, එහිදී දිමුත් කරුණාරත්න ලකුණු 93 ක් රැස්කලද, අනෙක් පිතිකරුවන්ට සැලකිය යුතු දක්ෂතා දැක්විය නොහැකිවිය. රංගන හේරත් අංක නවය පිතිකරු ලෙස ලකුණු 34 ක් ලබා ගැනීමද මෙහිදී විශේෂත්වයක් විය.



නවසීලන්ත ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ පලමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යවන්නන් 11 දෙනෙකු යොදා ගනිමින් පන්දු යැවූවද, දිනය අවසානයේදී ලකුණු 288 ක් ලබා දී දවාගත්තේ කඩුලු 7 ක් පමණයි.

ලකුණු පුවරුව