Tuesday, December 1, 2015

ක්‍රිකට් ලොකු පුටුවට නිශාන්ත හා තිලංගට අමතරව සුමිත්, අර්ජුන වැට උඩ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති සටනට මේවනවිට තිදෙනෙකු සටන් කරන බව වාර්තා වේ. මේ වනවිට හිටපු ලේකම් නිශාන්ත රණතුංග නාමයෝජනා භාරදී ඇති අතර, බදුරලිය ක්‍රිකට් සමාජයේ සුමිත් පෙරේරා මහතාද ඊයේ නාමයෝජනා භාරදී තිබේ.



එසේම, නියෝජ්‍ය කථානායක සහ කාරක සභාපති තිලංග සුමතිපාල මහතාද මෙවර සභාපතිධූරය සඳහා නාමයෝජනා භාරදීමට නියමිත බව වාර්තා වෙයි. ඔහු ඉදිරි දින දෙක තුළ තම නාම යෝජනවා භාරදීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිළවරණය සඳහා ලබන සිකුරාදා පස්වරු තුන දක්වා නාමයෝජනා භාරදීමේ අවස්ථාව ඇත. ජනවාරි මස 3 වැනිදා ක්‍රිකට් නිළවරණය පැවැත්වෙනු ඇති. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ ලේකම් ඩිල්ශාන් ද සිල්වා මහතාද, සභාපතිධූරය සඳහා තරග කිරීමට නියමිතව සිටි නමුත්, ඒ පිලිබඳව අවසන් තීරණයකට මේ දක්වා පැමිණ නැහැ. 

හිටපු ටෙස්ට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතාද, උප සභාපතිධුරයක් සඳහා මෙවර තරග වැදීමට සාකච්චා පවත්වා ඇති බව වාර්තා වූ නමුත් මේවනතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. ඔහු කුමන පාර්ෂවයට සහාය දක්වන්නේද යන්න පිලිබඳවද පැහැදිලි පිලිතුරක් ලැබී නැත. 

කෙසේ වෙතත් හිටපු ලේකම් නිෂාන්ත රණතුංග මහතා නාමයෝජනා දුන් දිනයේ මාධ්‍යවෙත සඳහන් කලේ, අර්ජුන රණතුංග මහතා සභාපතිධූරය සඳහා තරගවැදීමට සැලසුම් කර තිබුණත්, නිත්‍යානුකූලව තරග වැදීමේ නොහැකියාව මත ඉන් ඉවත්වූ බවයි.