Wednesday, December 2, 2015

වසරේ එක්දින පිළට ලංකාවෙන් දෙදෙනෙක්, ටෙස්ට් කණ්ඩායමට කිසිවෙකු නෑ - ඉන්දියාවට අඩු සැලකිලි

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් වසරේ ටෙස්ට් හා එක්දින කණ්ඩායම් අද නම් කලත්, ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් එකදු ක්‍රීඩකයෙකු හෝ නම් කර නැහැ.




එක්දින කණ්ඩායමට ආරම්භක පිතිකරුවකු ලෙස ටී එම් ඩිල්ශාන් හා කඩුුලු රකින්නා ලෙස කුමර් සංගක්කාර ස්ථාන හිමිව ඇත. ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්ට මෙම කණ්ඩායමේ දෙකේම ස්ථාන අහිමිවීම විශේෂත්වයක්.

වසරේ ටෙසට් කණ්ඩායමේ නායකත්වය එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක්ට හිමිව තිබේ, ඊට අමතරව ඊට එංගලන්ත ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත්. ඔස්ට්‍රේලියාවෙන් නායක ස්ටීවන් ස්මිත්, ඩේවිඩ් වෝනර් මෙන්ම ජොෂ් හසල්වුඩ්ටද අවස්ථාව හිමිව තිබේ. පකිස්තානයෙන් යුුනිස් ඛාන්, ශෆ්රාස් අහමඩ් හා යසීර් සාහ් මෙම ටෙස්ට් කණ්ඩායමට ඇතුළත්.  නවසීලන්තයෙන්ද ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් කර ඇත. ඒ කේන් විලියම්සන් හා ට්‍රෙන්ට් බෝල්ට්. 

රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දියාවෙන් එක්කර ඇත්තේ 12 වැනි ක්‍රීඩකයා ලෙසයි.


ICC Test Team of the Year 2015 (in batting order):
 
David Warner (Aus), Alastair Cook (Eng) (captain), Kane Williamson (NZ), Younis Khan (Pak), Steven Smith (Aus), Joe Root (Eng), Sarfraz Ahmed (Pak) (wicketkeeper), Stuart Broad (Eng), Trent Boult (NZ), Yasir Shah (Pak), Josh Hazlewood (Aus), 12th: Ravichandran Ashwin (Ind)



දකුණු අප්‍රිකා නායක ඒ බී ඩි විලියස්ගේ නායකත්වයෙන් යුත්, වසරේ එක්දින කණ්ඩායමට දකුණු අප්‍රිකාවෙන් තිදෙනෙක් අතුළත් අතර, ශ්‍රී ලංකාවෙන්, නවසීලන්තයෙන් හා ඔස්ට්‍රේලියාවෙන් ක්‍රීඩකයන් දෙදෙනෙකු බැගින් ඇතුළත් කර ඇත. ඉන්දියාවෙන් හා බංග්ලාදේශයෙන් එක් පන්දු යවන්නෙකු බැගින් ඇතුළත් මෙම කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩකයා වන්නේ එංගලන්තයේ ජෝ රූට්. 




ICC ODI Team of the Year 2015 (in batting order):
 
Tillakaratne Dilshan (SL), Hashim Amla (SA), Kumar Sangakkara (SL) (wicketkeeper), AB de Villiers (SA) (captain),Steven Smith (Aus), Ross Taylor (NZ), Trent Boult (NZ), Mohammed Shami (Ind), Mitchell Starc (Aus), Mustafizur Rahman (Bang), Imran Tahir (SA),12th: Joe Root (Eng)