Wednesday, December 9, 2015

මහේලට එම් සී සී යාවජීව සාමාජිකත්වය හිමිවෙයි.

ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රයට සිදුකල සේවය ඇගයීමට ලක්කරමින්, හිටපු නායක මහේල ජයවර්ධනට එම්.සී.සී හෙවත්, මරිලිබෝන් ක්‍රිකට් සමාජයේ යාවජීව සාමාජිකත්වය ලබා දී ඇත. 




ජාත්‍යන්තර ක්‍රිකට්  නීති සම්පාදකයන් වන මරිලිබෝන්  ක්‍රිකට් සමාජයේ සාමාජිකත්වය හිමිවන්නේ ක්‍රිකට් ක්ෂේතයට අමිල සේවයක් කල අතලොස්සක්වූ පිරිසකට වීම විශේෂත්වයක්. මහේල ජයවර්ධන මෙලෙස යාවජීව සාමාජිකයෙකු ලෙස සාමාජිකත්වය ලබන්නේ, මෙරටින් එම ගෞරවය හිමිවූ 14 වැන්නා ලෙසයි.
 
හිටපු නායකයන් වන  රංජන් මඩුගල්ල, දුලිප් මෙන්ඩිස්,  අර්ජුන් රණතුංග, අරවින්ද සිල්වා,රොෂාන් මහානාම, මාවන් අතපත්තු , චමින්ද වාස් හා කුමාර් සංගක්කාර මෙම 14 දෙනාට ඇතුළත් වේ. ඊට අමතරව සිදත් වෙත්තමුණී මහතා මෙන්ම හෂාන් තිලකරත්න හා මුත්තයියා මුරලිදරන්ද මීට ඇතුළත්.

Sri Lanka
L.R.D. Mendis (1997)
S. Wettimuny (1997)
M.N. Mohamed (1998)
R.S. Mahanama (2001)
P.A. De Silva (2005)
R.S. Madugalle (2005)
A. Ranatunga (2005)
H.P. Tillakaratne (2008)
M. Muralidaran (2011)
K. Sangakkara (2011)
K. Gunasekera (2012)
M.S. Atapattu (2015)
W.P.U.J.C. Vaas (2015)
D.P.M.D. Jayawardene (2015)