Monday, January 4, 2016

අර්ජුනගේ මාෆියා ප්‍රකාශයට තිලංගගෙන් සැර පිළිතුරක්

ක්‍රිකට් නිළවරණයේ උප සභාපතිධූරයට තරග කර ඉන් පරාජය වූ, අමාත්‍ය අර්ජුන රණතුංග   ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින මාෆියාව හේතුවෙන් තමන්ට දෙවැනි වරටත් පරාජ වීම සිදුවූ බව ඊයේ ප්‍රකාශ කලේය.




එම ප්‍රකාශය ගැන අද මාධ්‍යවේදියෙකු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් විමසීමක් කලේ, නිළධාරී මඩුල්ල ක්‍රිකට් ආයතනයේදී වැඩභාරගැනීමෙන් පසුව පැවැත්වූ මාධ්‍ය සාකච්චාවේදීයි. එහිදී ඊට පිළිතුරු දීමට ඉදිරිපත්වූ  තිලංග සුමතිපාල මහතා ආවේගයෙන් පිලිතුරු ලබා දීම දැකගත හැකිවිය. 



ඔහු කල සම්පූර්ණ ප්‍රකාශය මෙසේය..

"පොඩ්ඩක් ඉන්න මම කතා කරන්නම්. අර්ජුනනෙ ?  
මැච් එක පැරදුනාට පස්සෙ අම්පයර් හොරා කියන් එපා කියන්න එයාට. විකට් එක ඇදයි, මම මෙච්චරකල් කට වහගෙන හිටිය." " අයියල මල්ලිල ඇවිල්ල මේක විනාශ කලා. අර්ජුනගෙ හොද ටිකයි නරක ටිකයි මම දන්නව. මම මෙච්චර කල් කටවහන් හිටියෙ. වල්ඩ් කප් එකක් උස්සන් ඇවිත් අර්ජුනයි අරවින්දයි පින්තූර ගහල තියෙන ලැජ්ජාවට. මොනවද මේ කරල තියෙන්නෙ චන්දෙ ඉල්ලුව පරාදයි. මතිවානන් මහත්තයටත් පරාදයි. පරාජය පිලිගෙන පැත්තකට වෙලා ඉන්න ඕනෙ. ක්‍රිකට් ගහල මැච් දින්න හින්ද පොඩ්ඩක් එයාට චාන්ස් එකක් දුන්න. මේ වගේ හැසිරෙන්න නරකයි."

"අඩුගානෙ නිශාන්ත කිව්ව උදව් කරන්නම් කියල. ඒකට මම පොඩ්ඩක් සන්තෝසයි. එයා දැනගන්න ඔනෙ කොහෙද එයා ඉන්නෙ කියල. වරායෙ මිනිස්සුන්ට රස්සා දෙනව කියල චන්දෙ කරේ. දිස්ත්‍රික්කවල මිනිස්සුන්ට බලපෑම් කලා. විශ්ව විද්‍යාලෙන් ආපු අයට තර්ජනය කරල චන්දෙ ගත්තෙ. මම අද ඉදල අර්ජුන රණතුංග මහත්මය එක්ක ගනුදෙනු කරනව. ක්‍රිකට් වලට කරන දේවල් කරපු දේවල් ගැන මම වගකීම ගන්නව. මේකට ඇමති තුමා ඇදල ගන්න ඕනෙ  නැහැ. එයා චන්දෙ ඉල්ලුව පරාදයි. එයාම කිව්ව දෙවැනි පාරටත් පරාදයි කියල. ඒ පරාජය පිලිගෙන විකට් ඇදයි අම්පයර් හොරා කියන්නෙ නැතුව එයාට කියන්න පැත්තකට වෙලා ඉන්න කියල. මේ ක්‍රිකට් එක කාපු දේවල් ඉස්කොලෙ යන කාලෙ ඉදන් එයාගෙ සියලුම ඉතිහාසෙ මම දන්නව. ඒක නිසා එයා පරිස්සමෙන් වැඩ කරන්න ඕනෙ."

"අනිත් එක මිනිස්සුන්ගෙ උපහාස අපහාස, එයා කවුරු කියලද හිතන්නෙ මිනිස්සුන්ට උපහාස අපහාස කරන්න. බොරු කියන්න, පට්ටපල් බොරු බේගල් අදින්න. කවුරු කියලද හිතන්නෙ. ඒ නිසා මම එයා එක්ක ගනුදෙනු කරනව. මම එයාට නඩු දානව. එයා දැනගන්න ඔනෙ අවුරුදු දෙකක් මට මේ පුටුව තියනව. මම මෙතන ඉදල එයාගෙ හරිතැන් ජනතාවට තේරුම් කරල  දෙනව." 

"කො එයා හදපු හොස්ටල් එක, කෝ ආණ්ඩුවෙන් දීපු ඉඩම. මම අවුරුදු හතරක් පාර්ලිමේන්තුවෙදි මේ ගැන ඇහුව.ලංකාවෙම, ලෝකෙම කරපු හොරකම් ගැන කතා කරපු මිනිහ දෙන්නකො ආණ්ඩුවෙන් දීපු ඉඩම කෝ කියලු, ෆවුන්ඩේෂන් එකට මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරා. මං ගාව තියෙනව මිනිස්සු සල්ලි දීපුව. 

කෝ ? අවංක ගැන කතා කරනව. සල්ලිටික සාක්කුවෙ දාගෙන ඉඩම විකුණල.  රණතුංගලට වල්ඩ් කප් එක ගහපු හින්ද සමාව දුන්නෙ. ඒක නිසා එයාට ගිහිල්ල කියන්න මින් පස්සෙවත් හොදට කල්පනා කරල වැඩ කරන්න කියල. කැත වැඩ කරන්න එපා කියන්න. මේ ක්‍රිකට්නෙ.එයා කවුද කියල මිනිස්සුන්ටත් මම කියන්නම්. එයත් එක්ක මම කැමති ඕන විවාදයකට එන්න. එයා කරල තියෙන වැරදි වැඩ ගැන කතා කරන්න. අපට මේක කරන්න දෙන්න.‍චන්දෙට කලින් පැය 24 කට කලිං ගිහිල්ල මාධ්‍ය ප්‍රකාශ කරල කියනව මෙයා සුදුසු නෑ. මෙයාට කරන්න බෑ. මේව සදාචාරත්මක වැඩද? මෙහෙමද පාලනයක් කරන්න හිතං ඉන්නෙ.  අපි කැමති නෑ අපේ වෙලාව නාස්ති කරන්න එයත් එක්ක. හැබැයි මම කැමති අභි‍යොග  කරන්න. මම අවශ්‍ය සියලුම නීතිමය පියවර ගන්නව. මම එයාට නඩු දානව. 




තිලංග සුමතිපාල මහතා අවේගයෙන් සිදුකල ඉහත ප්‍රකාශය ගැන ක්‍රීඩා අමාත්‍යවරයාද අද අදහස් පලකරමින් පෙන්වා දුන්නේ, නිළවරණය සාධාරණව පැවත්වූ බවයි.

"බොහොම  බිටර් මෙමරීස්නෙ තියෙන්නෙ තිලංග සුමතිපාල මහත්මයට,  ඒක තමයි මෙහෙම තරහ ගිහිල්ල තියෙ‍න්නෙ. එච්චර ගනං ගන්න හොද නැහැ. දැන් ඒ තරගය ඉවරයි. චන්දය ඉවරවෙලා අපි ඔක්කොම එකතුවෙලා වැඩ කරන්න ඕනෙ. අපි හැමෝම එතුමව චන්දෙන් පත්කරල තියෙනව. වෙන විදියකට නෙවෙයි. ඒ නිසා. එතුමා වේදනාවෙන් ඉන්න ඇති. ලබන සතිය වෙද්දි ඒව අඩුවෙලා යයි. එතුමා එක්ක අර්ජුන රණතුංග මැතිතුමාල මේ සියලු දෙනාම එකතු කරගෙන අපි වැඩ කරගෙන යමු. "

" අපි සාධාරණ මැතිවරණයක් තිබ්බ කියල විතරක් මම කියන්න කැමති. මීට වැඩිය දෙයක් මම කියන්න යන්නෙ නැහැ. එතුමත් ඇමතිවරයෙක් මමත් ඇමතිවරයෙක් අපි අතර ප්‍රශ්න ඇති කරගන්න මම සූදානම් නැහැ. එතුමත් රටට වැඩ කරපු ක්‍රීඩකයෙක්. රටට කීර්තියක් ගෙනාපු කෙනෙක්. ඒක නිසා අපි සියලු දෙනා දැන් එකතු වෙන්න තියෙන්නෙ රණ්ඩු සරුවල් පැත්තකින් තියල. මඩ ගැහීම පැත්තක තියල නැවත වල්ඩ් කප් එකක් දිනන්න අපි මහන්සි වෙමු රටේ මිනිස්සුන්ට ඕනෙ ඒක."




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී වැඩභාරගනිමින් විධායක කමිටු රැස්වීමටද සහභාගීවූ නිළධාරීන් පිරිස පස්වරුවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද හමු විය.