Tuesday, April 12, 2016

අපිට ටික දවසක් දෙන්න - ඇන්ජලෝගෙන් ඉල්ලීමක් - නව කලමණාකරු චරිත්


ශ්‍රී ලංකා කණ්ඩායමේ නව කළමණාකරු ලෙස හිටපු ක්‍රීඩකයෙකු මෙන්ම කළමණාකරුවෙකුද වූ චරිත් සේනානායක මහතා නැවත පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා. හිටපු තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කල අරවින්ද ද සිල්වාට නව තනතුරක් ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ලබන මස සිය අරවින්ද ද සිල්වා විශේෂ උපදේශකයෙකු ලෙස කටයුතු කරනු ඇති. එසේම හිටපු තේරීම් කමිටු සභාපතිවරයෙකු වූ සනත් ජයසූරිය නව තේරීම් කමිටුවේ ප්‍රධානියා ලෙස පත් කිරීමටද තීරණය කර තිබෙනවා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අද මාධ්‍ය වෙත මෙය නිළවශයෙන් ප්‍රකාශ කරමින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව ගමනක් ආරම්භ කිරිම සඳහා මෙම පත් කිරීම් සිදු කල බවයි.




පසුගියදා අවසන් වූ ලෝක කුසලාන 20/20 තරගාවලියේදී ශ්‍රි ලංකා කණ්ඩායම සුපුරුදු රිද්මයෙන් ක්‍රීඩා නොකලබව මෙම මාධ්‍ය හමුවට සහභාගී වූ ඇන්ජලෝ මැතිව්ස් පෙන්වා දුන්නා. ඔහු එහිදී පැවසුවේ ක්‍රීඩකයන් තරගාවලියේ පැවති තත්වයන්ට අනුගත නොවූ බවයි. පන්දුවාර 20/20 තරගවලදී අඩුපාඩු අවම වශයෙන් සිදුකල යුතු වුවත්, තම ක්‍රීඩකයන්ගෙන් අඩුපාඩු රැසක් සිදුවූ බවද ඔහු එහිදී පෙන්වා දුන්නා. එසේම ක්‍රීඩා ලොලීන්ගෙන් හා මාධ්‍යෙව්දීන්ගෙන් ඔහු ඉල්ලීමක්ද සිදුකලා.

අපේ හිටපු ස්කොඩ් එකෙන් හුගක් වෙනස්කම් නැතුව කරගන්න තමයි බලාපොරොත්තු වුනේ. නමුත් අවාසනාවකට එය කරගන්න බැරිවුණා. අපේ ක්‍රීඩකයන් දක්ෂයි. ඉදිරියේදී  තේරීම් කමිටුව හා පුහුණුකරුවන් වැඩපිලිවෙලක්  වැඩපිලිවෙලක් යොදවල තියෙනව.  අපි ඔබ තුමන්ලගෙනුත් ඉල්ලනව අපිට ඒ සහයෝගය ලබා දෙන්න කියල අපි, අපිට ටීම් එකක් විදියට සෙට්ල් වෙන්න ටික කාලයක් දෙන්න. අපි හුගක් චේන්ජස් කරොත් මේ තත්වයෙන් ඉක්මනින් එලියට එන්න බෑ නමුත් අපි ඒ ප්ලේයස්ලට ටික කාලයක් දුන්නොත් සෙට්ල් වෙන්න අපි හිතනව ලොකු දෙයක් කරගන්න පුලුවන් වෙයි කියල. 

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ප්‍රකාශ කලේ මෙවර තරගාවලියේදී බලාපොරොත්තු වූ දක්ෂතා අභිබවා යාමට කණ්ඩායමට හැකිවූ බවයි. කෙසේ වෙතත් ආබාදයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූ නිත්‍ය නායිකා ශෂිකලා සිරිවර්ධන නොමැතිවීම පාඩුවක් වූ බවද ඇය එහිදී ප්‍රකාශ කලා.

20/20 ලෝක කුසලානයක ලබපු ඉහළම ජයග්‍රහණය තමයි මේ පස්වැනි ස්ථානයයට ආපු එක. කණ්ඩායමක් විදියට ගොඩක් සතුටු වෙනවා. විශේෂයෙන් ඔස්ට්‍රෙලියාව එක්ක වගේම නවසීලන්තයත් එක්ක හොඳ තරගයක් දුන්න. ඒ තරග දෙකෙන් එකක් ජයගන්න හැකිවුනානම්  අවසන් පුර්ව වටයට පවා පිවිසෙන්න අවස්ථාව තිබුණ.