Tuesday, April 12, 2016

හදවත ලෙඩ වූ එංගලන්තයේ ජේම්ස් ක්‍රිකට් දිවිය හැරයයි.

​එංගලන්තයෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකුවන ජේම්ස් ටේලර්ට නොසිතූ ලෙස ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සිදුව තිබෙනවා. ඒ ඔහු හදිසියේ හෘද රෝගයකට ගොදුරුවීම හේතුවෙන්. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිළ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ  තම යොවුන් ක්‍රීඩක ජේම්ස් ටේලර්ට ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සිදුව ඇති බවයි.

දක්ෂ පිතිකරුවෙකුවන ජේම්ස් ටේලර් එංගලන්ත ඒ කණ්ඩායමේ නායකත්වය දරා, එංගලන්ත ජාතික කණ්ඩායමේ අවස්ථාව ලබා ගත් ක්‍රීඩකයෙක්. ඔහු මේ දක්වා ටෙස්ට් තරග හතක් හා එක්දින තරග 27ක් එංලන්තය වෙනුවෙන් ක්‍රීඩා කර තිබෙනවා. එසේම ඔහු පලමුපෙල තරග 139 කදී ලකුණු 9306 ක් රැස්කර ඇති ක්‍රීඩකයෙක්. 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජේම්ස් පවසා ඇත්තේ, තම දිවියේ අමාරුම සතිය ගෙවූ බවයි. එය තම දිවිය කණපිට හැරුණ සතියක් ලෙසද ඔහු සඳහන් කර තිබෙනවා. නමුත් ඔහු පවසන්නේ ඊට සාර්ථකව මුහුණ දෙන බවයි.