Tuesday, April 12, 2016

Video: මාලිංගට ඔන්නම් අයි පී එල් බලල එන්න පුලුවන් - තිලංග සුමතිපාල


ලසිත් මාලිංගට අයි පී එල් ක්රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමට නම් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ අවසර මත ඊට සහභාගිවිය යුතු බව සභාපති තිලංග සුමතිපාල මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවා. එසේම මාධ්‍ය හමුවේ මාලිංග කල ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රිකට් ආයතනය ලෙස කටයුතු කිරීමට බලා පොරොත්තුවන බව ද ඔහු එහිදී පැවසුවා.

මාලිංග දීර්ඝ කාලයක් ශ්‍රි ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර සේවයක් සිදුකල ක්‍රිඩකයෙක් බවත් ඔහුව ඉදිරියේදී කළමණාකරණය කිරීමට සිදුවනු ඇතිබවද තිලංග සුමතිපාල මහතා එහිදී ප්‍රකාශ කලා. එසේම ලසිත් මාලිංගට ඉදිරි තරගාවලි සඳහා සහභාගීවීමට නම් ශරීර යෝග්‍යතාව යහපත් බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශය අවශ්‍ය බවද සභාපතිවරයා පැහැදිලි කලා. ඒ අනුව මේ දිනවල පැවැත්වෙන අයි පී එල් ක්‍රිකට් තරගාවලියට ලසිත් මාංලිග සහභාගීවනවා නම් එම නිර්දේශය ලබාගෙන  සහභාගී විය හැකියි. 

"එතුමා ක්‍රීඩකයෙක් විදියට පාලක මණ්ඩලයට එරෙහිව කල ප්‍රකාශ වගේම දේවල්, පාලක මණ්ඩලයෙනුත් ඔහුට විරුද්ධව සිදුකලේ, මං ලවා එයාට බන්නන්න එපා." - යැයිද තිලංග සුමතිපාල මහතා අවසානයේ සඳහන් කලේය.