රෙඩ් බුල් වෙතින් ගෙන එන ලංකාවේ පළමු කයිට් සර්ෆින් තරගය
දිවයිනේ මංගල කයිට් සර්ෆින් තරගය වන රෙඩ් බුල් අයිලන්ඩ් හොපිං කල්පිටියේදී පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත.ජූලි 07 සහ 08 යන දිනයන් හි පැවැත්වෙන තරග මගින් දේශීය කයිට් සර්ෆ් තරගකරුවන්ගේ වේගය හා නිපුණතා මට්ටම පරීක්ෂාවට ලක්කරනු ලැබේ. කොළඹ, ජූනි 11, 2012 - කයිට් සර්ෆින් සදහාම ආවේණික ප්‍රදේශයක් ලෙස ලෝ සුපතල කල්පිටියේදී පැවැත්වෙන අයිලන්ඩ් හොපිං සදහා රෙඩ් බුල් අනුග්‍රහකත්වය දක්වයි. ව යඹ පුත්තලම අර්ධද්වීපය හරහා එක් දිවයිනකින් තවත් දිවයිනකට පැමිණෙන කයිට් සර්ෆ් තරග කරුවන් මෙම තරගයට සම්බන්ධවනු ඇත. සමතලා කල්පිටිය කලපුව වෙත ඔවුන් පැමිණෙන ගමනේදී ප්‍රචන්ඩ සාගර තත්ත්වයන් මැනවින් හදාරා සිටීම මෙම තරගයේදී අත්‍යවශ්‍ය සාධකයක් ව්න්නේය. සම්පූර්ණ ගමන් මාර්ගය කිලෝමීටර 25ක් පමණ වේ. සමස්ථ තරගයේ ජයග්‍රාහකයා තෝරාගන්නේ ඔවුන් වාර්තා කරන වේලාවන් පදනම් කරගනිමිනි.
සැඩ සුළං මැදින් කයිට් බෝඩර්ස් ගමන් කරනු ලබන අතර සුළං හමන දිහාවට ප්‍රතිවිරුද්ධව පැදයාමේ අභියෝගාත්මක කාර්යයටද මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇත. එම සුපිරි අභියෝගයට සාර්ථකව මුහුණ දීමෙන් අතිරේක මුදල් ත්‍යාගයක් දිනාගත හැකිය. ජූලි 08 වන දින කලපුවේදී නිදහස් ආර ප්‍රදර්ශන තරගයක්ද පවත්වනු ලැබේ. මෙය ශ්‍රී ලංකාව තුළ රෙඩ් බුල් කයිට් සර්ෆින් පවත්වනු ලබන දෙවැනි තරග වාරයයි. පසුගිය වසරේ රෙඩ් බුල් සුසී මායි කල්පිටිය මාරුතයන්ට මුහුණ දීමේ තරගයට සහභාගි වූවාය. දේශීය කයිට් සර්ෆින් තරගකරුවන් සමග අන්ඩර් මයි වින්ග්ස් නමින් වැඩසටහනක්ද ඇය පැවැත්වූවාය.
කයිට් සර්ෆින් හා කයිට් බෝර්ඩින් වික්‍රමාන්විත ජල මතුපිට පැවැත්වෙන ක්‍රීඩාවක් වශයෙන් හැදින්විය හැකිය. ඊට වේක්බෝඩින්, වින්ඩ් සර්ෆින්, සර්ෆින්, පැරාග්ලයිඩින් හා සරඹ ක්‍රීඩාද සංකලනය වී ඇත. කුඩා සර්ෆ්බෝඩ් හා කයිට් බොඩ් මත ජලය හරහා යන තරග කරුවන්ට සිය ගමනේ වේගය වැඩිකර ගැනීම සදහා සුළගේ බලය පාලනය කර ගැනීමට කයිට් සර්ෆින් ආධාර වේ.
කයිට් බෝඩින් සදහා විවිධ ආරයන් ඇතුලත්වේ. සර්ෆ් බෝඩ් වලට සමාන සෘජු බෝඩ් යොදාගනිම්න් කයිට් සර්ෆින්, තරංග ඵදනම් කරගත් නිදහස් ආර, නිදහස් යාත්‍රා, ඩවුන්වින්ඩර්ස්, වේගය, කොස් රේසින්, වේක්ස්ටයිල්, ජම්පින් හා වේව්රයිසින් නමින් ඒවා නම් කළ හැකිය.
-ඇතුල්වීම නොමිලේ-
Copyright © 2012 Cricturf




