• Travel Sri Lanka t20 world cup
  • T20 World Cup 2012
  • Social Media Marketing Sri Lanka
  • Carlton Rugby 7s

Sri Lanka Cricket & Sports|Carlton 7s Rugby|News Magazine - Cricket Turf | Videos | Images

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
    • Highlights
    • t20 world cup 2012
    • Event Calender
  • Live
  • Other Sports
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Videos
    • Latest Videos.
  • Blogs
    • Submit Your Blog
    • Blog Writers
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Young Blood

Events ► Domestic Cricket | Highlights | T20 world cup 2012 | SLPL T20s 2012 | Catlton 7s Rugby |

Submitted by Sidath Sameera On 21 February 2012 16:40 GMT Featured HITS: 2431

තිරිමාන්න, අශ්වින්, Mankad (Run Out) හා ක්‍රිකට් ජීව ගුණය

Tweet

by Sidath Sameera

2011 ඔක්තෝබර් 1 වනදා පටන් ක්‍රියත්මක වූ ක්‍රිකට් නීති සංශෝධනය අනුව, නීති 42.15 යන නීතිය නැවතත් සක්‍රීය කිරීමට ජාත්‍යයන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළා.

" Law 42 (Fair and unfair play) : 15.Bowler attempting to run out non-striker before delivery
The bowler is permitted, before entering his delivery stride, to attempt to run out the non-striker. Whether the attempt is successful or not, the ball shall not count as one of the over.
If the bowler fails in an attempt to run out the non-striker, the umpire shall call and signal Dead ball as soon possible. "

" පන්දුවක් යැවීමට දිව එන අතර මඟදී, පන්දුව යැවීමට පෙර, පන්දුයවන අන්තයේ සිටින පිතිකරුවා දුවද්දී දැවීයාමකට හසුකර ගැනීමේ අයිතියක් පන්දු යවන්නා සතුවේ. එම උත්සාහය සාර්ථක හෝ අසාර්ථක වුවද, එය යැවූ පන්දුවක් ලෙස නොගිනියි. මෙහිදී උත්සාහය අසාර්ථක වුවහොත්, විනිසුරු විසින් වහාම "Dead Ball" ලෙස සංඥාකළ යුතුයි. "


සරලව පවසන්නේ නම්, පන්දු යවන්නෙකු පන්දුව යැවීම සඳහා දිව එන අතර වාරයේදී, පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවා ලකුණක් සඳහා දිවයාම ආරම්භකිරීමෙන් ලැබෙන අසාධාරණ වාසිය නැවතීම මෙම නීතියේ ප්‍රධාන වැදගත්කමයි.

මෙය අතීතයේ පටන් පැවති නීතියක් වන අතර, 1948 දී මෙහි සැර බාල කරන ලදුව, නැවතත් ක්‍රියාත්මක කරනු ලැබුවේ 2011 ඔක්තෝබර් 1 වනදා සිට බලපැවැත්වූ නීති සංශෝධන වලදීයි.

සාමාන්‍යය ක්‍රිකට් වහරේදී මෙවැනි දැවීයෑම් හඳුන් වන්නේ, මන්කඩින් (Mankading) ලෙසයි. ඒ 1947 දෙසැම්බර මස ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර සිඩ්නිහිදී පැවති ටෙස්ට් තරඟයේදී ඉන්දියානු ක්‍රීඩක විනෝ මන්කඩ්, ඔස්ට්‍රේලියානු ක්‍රීඩක බිල් බ්‍රවුන්ව මෙසේ දවාගැනීම නිසයි. ජාත්‍යයන්තර ක්‍රිකට් ඉතිහාසයේ මෙවැන්නක් සිදුවූ පළමු අවස්ථාව මෙය විය.

මහත්වරුන්ගේ ක්‍රීඩාව වන ක්‍රිකට ක්‍රීඩාවේ නීති රීති වලට මෙන්ම 'ජීව ගුණයට' ද සුවිශේෂී තැනක් හිමි වෙනවා. ජීව ගුණයේ සාමාන්‍යය සම්ප්‍රදාය අනුව, මෙලෙස දුවද්දී දැවීයාමකට හසුකිරීමට ප්‍රථම, පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවාට එක් වරක් අවවාද කළ යුතුයි. ඉන් අනතුරුවත්, පන්දු යවන අන්තයේ සිටින පිතිකරුවා දිගින් දිගටම, පන්දුව යැවීමට ප්‍රථම තම දිවීම අරඹනවානම්, පන්දු යවන්නාට ඔහුව දුවද්දී දැවී යාමකට හසු කරගැනීමේ පූර්ණ අයිතිය හිමි වෙනවා. නමුත් යම් පන්දු යවන්නෙකු එසේ අවවාද කිරීමකින් තොරව මෙය සිදුකළද, ක්‍රිකට් නීති ප්‍රකාරව එය දැවීයාමක් ලෙස සංඥා කිරීමට විනිසුරුවන් බැඳී සිටී. නමුත් ඒය ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට හා මහත්වරුන්ගේ ක්‍රීඩාවකට තරම් නොවන බව සාමාන්‍යය පිළිගැනීමයි.

මෙයට අමතරව ඉන්දියානුවන් මෙවැන්නකට දායක වූ තවත් අවස්ථාවක් ඇත. ඒ 1992 දෙසැම්බර මස ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර එක්දින තරඟයකදී කපිල් දේව් විසින් පීටර් ක'ස්ටන් දවා ගැනීමයි. සැලකිය යුතු කරුණ වන්නේ මෙහිදී කපිල් දේව් විසින් ක'ස්ටන් හට තෙවරක් අවවාදකර දවා ගැනීමයි.

ක්‍රිකට් සාහිත්‍යය සැලකීමේදී මෙවැනි සිදුවීමක් Bodyline රූපවාහිනී මාලා නාටකයේ දැක්වේ. මෙතෙක් ලොව සිටි උපාය ශීලීම නායකයා යැයි සැලකෙන ඩග්ලස් ජාර්ඩීන් ගේ චරිත ස්වභාවය ප්‍රෙක්ෂකයා වෙත ඉදිරිපත් කිරීමේදී, රූපකයක් ලෙස තිර රචකයා මෙවැනි සිදුවීමක් එහිදී භාවිතා කරයි.

අද සිදු වූ සිද්ධියේදී, විනිසුරුවන් ඉන්දීය නායකයාට පැහැදිලි කළේ අශ්වින් විසින් තිරිමාන්නහට අවවාද කිරීමක් කලින් සිදුකළ බවක් විනිසුරුවන් නොදු බැවින්, මෙය නීත්‍යයානුකූලව දැවීයාමක් වුවත් ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැනි බැවින් දැවීයාමක් සඳහා තමන් කරන ඉල්ලීම තවදුරටත් කරනවාද යන්නයි. එහිදී ශෙවාග් හා තෙන්දුල්කාර් තීරණය කළේ ඉල්ලීම ඉවත් කරගැනීමටයි. ඔවුන් ඉල්ලීම ඉවත්කරගැනීමට අකමැතිවුනානම්, විනිසිරුවන්ට තිරිමාන්න දැවීගිය ක්‍රීඩකයෙකු වශයෙන් නම් කිරීමට සිදුවනවා. කෙසේ වුවත් ශෙවාග් පසුව සඳහන් කළ පරිදි අශ්වින් විසින් තිරිමාන්න හට වරක් අවවාද කොට ඇත.


තවද, මෙම සිදුවීමෙන් අනතුරුවත් තිරිමාන්න දිගින් දිගටම මෙම වරද සිදුකිරීමෙන් පෙනීයන්නේ ඔහුට ක්‍රිකට් නීතිය හෝ ජීව ගුණය පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිබවයි. ඔහු තවමත් 22 හැවිරිදියි, එය සැබෑවක්. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය භාරගැනීමට සිටින තරුණ ක්‍රීඩකයෙකු වශයෙන් ඔහු මෙයට වඩා නීති හා සම්ප්‍රදායන් අධ්‍යයනය කළානම් හොඳ බව මාගේ හැඟීමයි. මන්ද, ඔවුන් නියෝජනය කරන්නේ ඔබව හා මාවයි. ඔවුන්, ජාත්‍යයන්තර පිටියේ සිදුකර ක්‍රියාවන්ගෙන් මැනෙන්නේ සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේ ස්වරූපයයි.


Editor Note


මෙවැනි වැරදි මින්පසු තරුණ ක්‍රීඩකයන්ගෙන් සිදුවීම වැළැක්වීමට කළමනාකාරුවන් හා පුහුණු කරුවන් සිදුකල යුතුය. මෙය පාසල් මට්ටමේ ක්‍රීඩකයන්ද ආදර්ශයකට ගත යුතුවන අතර. එහිදී සිදුවූ සිද්දිය පාඨකයන් වෙත විස්තර කරදීම මෙම ලිපියේ අරමුණ විය. අප කිසි විටකත් අප කණ්ඩායම හෝ ක්‍රීඩකයන් හෑල්ලුවට ලක් කිරීමේ අරමුණින්  මෙම ලිපිය නොකරන බව කාරුණිකව දන්වා සිටිමු. මෙම ලිපිය සිoහල භාශාවෙන් පමණක් පළකරනු ලැබූවේද ඒ නිසාමය.


 

Complete Video with an Example (from Bodyline TV series)

 

 

Kapil Dev Mankad incident

 

 

What is Mankaded ?

 

 


Tags:
  • Cb Series
  • India Vs Sri Lanka
  • Lahiru Thirimanna
  • Mankad
  • Sachin Tendulkar
  • Virendra Sehwag

More to Read

  • Bhanuka Rajapaksa, Another gem for Cricket's future
  • Old foes meet after break
  • Highlights: Sri Lanka vs India 2nd ODI match CB series 08-02-2012
  • Video> We were down 30 to 40 runs short to defend - Mahela
  • Sri Lanka to target 'weak' Australian bowlers
  • Angelo Mathews's Fight gone waste at end 5 runs short
  • Highlights : Sri Lanka vs Australia 3rd ODI Commonwealth bank series 10-02-2012
  • Australia triumph over spirited Mathews
  • Sri Lanka need system review: Sangakkara
  • Dhoni looks for triple win against unpredictable Sri Lanka
Report Abuse - Contact
Registered authors are requested NOT to post/quote from articles published elsewhere without giving due credit to the source. While we exercise due diligence to avoid/prevent such instances. If you do come across any article which you feel might be plagiarized or copyrighted, please mail us [info @ cricturf.com] with a link to the original article if possible, we will remove it within 24 hours. Ownership of certain contents, images and videos goes to their respective owners.

This is a Public Forum. Please use the forum responsibly to express your views and opinions. Comments that use foul and abusive language will be dited/deleted. Comments containing slander, vulgarism and derogatory statement will be deleted. Reader comments posted are the opinion of the comment writer. Help us protect the freedom of expression. Thank you

Add comment


Send
Cancel
JComments



Latest News

Prev Next
Carlton7s: Full Teams squads/Selection, 36 foreign Players & 10 Foreign Coachs

Carlton7s: Full Teams squads/Selection, 36 foreign Players &


SLC denied match fixing alegation against Sri Lankan player

SLC denied match fixing alegation against Sri Lankan player


SLPL:Herschelle Gibbs Confirmed his participation to play in Sri Lanka.

SLPL:Herschelle Gibbs Confirmed his participation to play in


Football: Jordan won against Sri lanka yesterday in Palestine

Football: Jordan won against Sri lanka yesterday in Palestin


A Bookie claimed over Rs 10 Core paid Sri lankan & Indian to fix IPL matches.

A Bookie claimed over Rs 10 Core paid Sri lankan & Indian to


Carlton 7s to commence with International Stars,but No Kandy stars

Carlton 7s to commence with International Stars,but No Kandy


Erosha de Silva saved Royal with last minute try vs Josepians

Erosha de Silva saved Royal with last minute try vs Josepian


Sri Lanka squad to play practice matches under Samaraweera  & Silva.

Sri Lanka squad to play practice matches under Samaraweera


Sri Lanka will be tough for Pakistan, warns Dav Whatmore

Sri Lanka will be tough for Pakistan, warns Dav Whatmore


Sport Minister Sri Lanka appointed a committee to probe provincial Cricket

Sport Minister Sri Lanka appointed a committee to probe prov


Related Featured
Rating the Test Captains on 15 May 2012

SLC officially announced SLPL 1st Edition on 14 May 2012

Lawyers beat Doctors to retain winners for 4th Consecutive year on 13 May 2012

'Lasith’s new ball' By Damith Samarakoon on 10 May 2012

Pakistan pays little respect to Mohammad Hafeez! on 09 May 2012

- Entire Category -

  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Contact Us
  • Live Updates
  • Add Url
  • Crew
  • Player Profiles
  • Staff column
  • Sri Lanka Premier League t20 2012
  • Photo Story
  • Sri Lanka Videos

 


Copyright © 2011, CricTurf.com

Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?
  • Create an account