Divaina News: අනුරාධපුර ඔයාමඩුවේ පැවැති දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා රැගෙන ගොස් තිබූ 1996 වසරේදී ශ්‍රී ලංකාව විසින් දිනා ගන්නා ලද ක්‍රිකට් ලෝක කුසලාන අඩංගුව තිබූ වටිනා ඇණ කිහිපයක් අතුරුදන්ව ඇති බව 'දිවයින' ට වාර්තාවේ.![]()
වීදුරු ආවරණයක් තුළ ප්‍රදර්ශනයට තබා තිබූ මෙම 96 ලෝක කුසලාන රැගෙන යන අවස්‌ථාවේ එහි දෙපැත්තක තිබූ සුදු රත්තරන් වර්ගයේ ඇණ දෙකක් අතුරුදන්ව ඇති අතර ක්‍රිකට් ආයතනයෙන් රැගෙන යන අවස්‌ථාවේ නොතිබූ සුළු පළුදුවීම් කිහිපයක්‌ද කුසලානයෙන් දැක ගත හැකි බව වාර්තා වේ.
මීට අමතරව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්‌ඩායම ජය ගත් තවත් කුසලාන කිහිපයක්‌ද මෙම ප්‍රදර්ශනය සඳහා රැගෙන ගොස් ඇති අතර එම ඇතැම් කුසලානවල අඩංගු විවිධ කොටස් කැඩී බිදී ගොස් තිබේ. ඇතැම් කුසලාන කිහිපයක තැළීම්ද සහිතව දැක ගන්නට හැකි බවද වාර්තා වේ. මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු නිලධාරියෙක් මේ වන විට දැනුවත් නොමැති බවද වාර්තා වේ.![]()
අදාළ ප්‍රදර්ශනය සඳහා මෙම කුසලාන භාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවය කරන සිදත් ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇත. ඔහු මෙම දින නවයේ ප්‍රදර්ශනය සඳහා සහභාගි වීම සඳහා රුපියල් ලක්‍ෂයක පමණක මුදලක් ලබාගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ. එම මුදල් ඔහුගේ ඉදුම් හිටුම් සහ කෑම බීම ඇතුළු අනිකුත් දෑ සඳහා වියදම් කිරීම වෙනුවෙන් ලබා ගත් බව වාර්තා වේ.
මේ පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති උපාලි ධර්මදාස මහතාගෙන් කරුණු විමසීමට ඔහුව සම්බන්ධ කර ගැනීමට 'දිවයින' උත්සහ කළද ඒ සඳහා ඔහු ප්‍රතිචාරයක් නොදැක්‌වීය.
Events ► Domestic Cricket | Highlights | T20 world cup 2012 | SLPL T20s 2012 | Catlton 7s Rugby |
දැයට කිරුළ ප්‍රදර්ශනයට ගෙන ගිය ක්‍රිකට් ලෝක කුසලානේ රන් ඇණ සොරු ගනිති - Divaina
Registered authors are requested NOT to post/quote from articles published elsewhere without giving due credit to the source. While we exercise due diligence to avoid/prevent such instances. If you do come across any article which you feel might be plagiarized or copyrighted, please mail us [info @ cricturf.com] with a link to the original article if possible, we will remove it within 24 hours.
Ownership of certain contents, images and videos goes to their respective owners.
This is a Public Forum. Please use the forum responsibly to express your views and opinions. Comments that use foul and abusive language will be dited/deleted. Comments containing slander, vulgarism and derogatory statement will be deleted. Reader comments posted are the opinion of the comment writer. Help us protect the freedom of expression. Thank you
Latest News
Prev
Next
Related නව ප්‍රවෘත්ති.
පාකිස්‌තානය සහ ඉන්දීය තරගාවලි සඳහා 30දෙනකුගෙන් යුත් පුහුණු සංචිතයක් on 17 May 2012මාලිංග උසස්‌වීම් ලබද්දී චාමර සහ ධම්මික ජාතික ශ්‍රේණියෙන් හැළෙති on 17 May 2012
ශ්‍රී ලංකා ක‍්‍රිකට් වාර්ෂික ගිවිසුමට ක‍්‍රීඩකයෝ 60 ක් on 13 May 2012
පාසල්වල 20-විස්ස ක්‍රිකට් තහනම් කළ යුතුයි on 05 May 2012
පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම අද විශිෂ්ට ජයක් වාර්තා කළේය on 15 April 2012

















Comments
RSS feed for comments to this post