දඟ පන්දු යවන සචිත්‍ර සේනානායක වෙනුවට කැඳවා තිබු තුන් ඉරියව්වෙන්ම කැපී පෙනන ක්‍රීඩක මහරූෆ් ඕවර 8 කදී ලකුණු 18 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් ලබා ගැනීමට සමත් වූ අතර දුවද්දී දවාලීම් දෙකකටද දායක වූ තිසර පෙරේරා ඕවර 7 ක් ඇතුලත ලකුණු 29 කට කඩුලු 2 ක් ලබා ගත්තේය. තිසර පෙරේරාට තරගයේ වීරයා සම්මානය හිමිවිය.
![]()
ක්ලාක් වෙනුවට කැඳවා තිබූ මයිකල් හසී (13) ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දුවකට දැවැන්ත හයේ පහරක් එල්ල කළද ඊළඟ පන්දුවේදී කඩුල්ල පිටුපසට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය. ඊට ටික වේලාවකට පසුව පීටර් ෆොරස්ට් ලකුණු 16 කට දැවී ගිය අතර ඔස්ට්‍රේලියාවේ මුල් කඩුලු 5 මුළු ලකුණු 74 වන විට බිඳ වැටී තිබිණි.
ඩේවිඩ් වෝනර්, ලසිත් මාලිංගගේ පන්දුවකට ‘මිඩ් ඕන්’ හි ෆාවිස් මහරූෆ් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් ලකුණු 13 කට දැවී ගියේය. පාදයේ ආබාධයක් නිසා තරග බිමෙන් ඉවත්ව සිටින නායක මයිකල් ක්ලාක් වෙනුවට ඊයේ ඔස්ට්‍රේලියාව මෙහෙය වූ පොන්ටිංට ලබා ගත හැකි වූයේ ලකුණු 2 ක් පමණි. මහරූෆ්ගේ පන්දුවකට පෙරලා දුන් උඩ පන්දුව ඔහු විසින්ම රැක ගැනීමෙන් පොන්ටිං දැවී ගියේය.
පළමුව පන්දුවට පහරදීමට තීරණය කල ඔස්ට්‍රේලියාව ඕවර 26 ක් ඇතුළත කඩුලු 6 ක් ලකුණු 88 කට බිඳ වැටී සිටියදී වැසි පතිත විණි. යළි තරගය ආරම්භ වූ විට ඔස්ට්‍රේලියාවට ඉතිරිව තිබුණේ ඕවර 15 ක් පමණි. ඔස්ට්‍රේලියාව මෙවැනි මුළු ලකුණු ප්‍රමාණයක් කරා හෝ ගෙන ගියේ ඩේවිඩ් හසීය. ලකුණු 8 ක් හා 31 ක් ලබා ගෙන සිටියදී දැවී යාමෙන් බේරුණු හසී පන්දු 64 කින් ලකුණු 58 ක් රැස් කළ අතර ඊට හතරේ පහර 6 ක් ඇතුළත් විය.
මහේල ජයවර්ධන
ජයවර්ධන නොදැවී ලකුණු 61ක් ද, දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 6ක් ද ලබාගෙන සිටියදී ශ්‍රී ලංකාව ඕවර 24.1 කදී ජයග්‍රාහී ඉලක්කය වන ලකුණු 152 වාර්තා කළේය. පන්දු 67ක ජයවර්ධනගේ නොදැවුනු ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත්ව තිබිණි. වර්ෂාව හේතුවෙන් ඕවර සංඛ්‍යාව අඩු කෙරුණු තරගයේදී ඔස්ට්‍රේලියාව ඕවර 40.5 කදී මුළු ලකුණු 158 කට දවාලීමට ශ්‍රී ලංකාව සමත් විය. සන්ධ්‍යාවේ ඇද හැලුණු වර්ෂාව නිසා තරගය පිලකට ඕවර 41 බැගින් සීමා කෙරිණි. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව ඕවරයකට ලකුණු 3.85 ක් ලබා ගත යුතුව තිබිණ.
ඩිල්ෂාන් පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් හා හයේ පහරක් සමඟ ලකුණු 45ක් ලබා ගත් අතර ඔහු ප්‍රතිවාදී වේග පන්දු යවන බ්‍රෙට්ලීට පිට පිට හතරේ පහර 3ක් එල්ල කළේය. දැවී ගිය අනෙක් පිතිකරුවා වූයේ කුමාර් සංගක්කාර ය. ඔහු පන්දු 29කින් ලකුණු 30ක් වාර්තා කළ අතර ඊටද හතරේ පහර 4ක් හා හයේ පහරක් ඇතුළත් විය. ඔහු සහ ජයවර්ධන දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක් එක් කළහ. සංගක්කාර ඊයේ ජාත්‍යන්තර එක්දින ලකුණු 10,000 සම්පූර්ණ කළේය.
තරගය පිලකට ඕවර 41 බැගින් සීමා කෙරුණු අතර පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානුවෝ ඕවර 40.5කදී ලකුණු 158කට දැවී ගියහ. උපුල් තරංග ඊයේ තරගය සඳහා නම් කොට නොතිබූ අතර ඔහු වෙනුවට නායක මහේල ජයවර්ධන, තිලකරත්න ඩිල්ෂාන් සමඟ ඉනිම ඇරඹූහ. මේ දෙදෙන වේගවත් පිතිහරඹයක නියැලෙමින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 74ක් රැස් කළහ.
මහරූෆ් ශ්‍රී ලංකාව ඊයේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩංගණයේදී ඔස්ට්‍රේලියාව කඩුලු 8කින් පරදවමින් ‘කොමන්වෙල්ත් බැංකු කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ සිය ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළේ ය. වාර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා පිරිනැමුණු ඕවර 41ක් ඇතුළත ලකුණු 152ක ඉලක්කය මහේල ජයවර්ධනගේ කණ්ඩායම ජය ගත්තේ තරගයේ තවත් පන්දු 101ක්ඉතිරිව තිබියදීය. අහිමි කර ගත්තේ කඩුලු 2ක් පමණි.
















