ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම තුළ මත භේදාත්මක තත්ත්වයක් නොමැති බව එරට ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති එන්. ශ්‍රී. නිවාසන් පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ, ඊයේ පැවති පාලක මණ්ඩල සැසියකින් අනතුරුවයි.![]()
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් තුළ මත භේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇති බවට පසුගියදා වාර්තා විය.
එහිදී ප්‍රකාශ වුණේ, විරේන්ද්‍ර ශෙවාග් හා නායක මහේන්ද්‍ර සිං දෝනි අතර ඇතිව තිබෙන මතභේදාත්මක තත්ත්වය මේ වන විට උත්සන්න ව ඇති බවයි.
ඒ හේතුවෙන් ක්‍රීඩකයින් දක්ෂතා අතරට නොපැමිණෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ශ්‍රී නිවාසන් පවසන්නේ, සිය කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්ෂතා නොදැක්වන්නේ, මාධ්‍ය වාර්තා කරන අන්දමේ සිදුවීමක් නිසා නොවන බවයි.
ක්‍රීඩකයින් මෙන්ම මාධ්‍ය කළමනාකරු සමග ද මේ සම්බන්ධයෙන් සාක්ච්ඡා කළ බව ඔහු පැවසීය.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ද වැඩි දක්ෂතා දැක්වීමට ඉන්දීය කණ්ඩායම සමත් නොවීය.
මීට පෙර ඕස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගාවලිය ද ඔවුන් පරාජයට පත්වුයේ, තරග 4ට 0ක් ලෙසයි.
















