• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Thursday, 17 May 2012 04:46 GMT නව ප්‍රවෘත්ති.

මාලිංග උසස්‌වීම් ලබද්දී චාමර සහ ධම්මික ජාතික ශ්‍රේණියෙන් හැළෙති

Tweet
Google

වැඩිම මුදලක්‌ හිමිවන කාණ්‌ඩයට මාලිංග උසස්‌වීම් ලබද්දී චාමර සහ ධම්මික ජාතික ශ්‍රේණියෙන් හැළෙති : 2012/13 වසර සඳහා ක්‍රීඩකයන් කොන්ත්‍රාත්ගත කිරීමේදී වැඩිම මුදලක්‌ හිමිවනු ලබන 'ඒ' ශ්‍රේණියේ කොන්ත්‍රාත්තුවට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ නම ඇතුළත් වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ක්‍රීඩකයන් අතර ඉදිරි වසර සඳහා අත්සන් තැබෙන අදාළ කොන්ත්‍රාතුවේදී ශ්‍රේණි දෙකක්‌ යටතේ (ජාතික සහ පළාත් වශයෙන්) ක්‍රීඩකයන් 60 දෙනෙකු ඇතුළත් වී සිටින අතර එහිදී ජාතික කාණ්‌ඩය සඳහා ක්‍රීඩකයන් 20 දෙනෙකු කාණ්‌ඩ 6 ක්‌ යටතේ කාණ්‌ඩ ගත කර තිබේ. 

ඇමරිකානු ඩොලර් 127,000 ක්‌ හෙවත් දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 13.9 ක්‌ හිමිවන අදාළ 'ඒ' කාණ්‌ඩයට ලසිත් මාලිංග සමගින් වත්මන් ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර සහ තිලාන් සමරවීර ඇතුළත් වී සිටියි.

'ඒ' කාණ්‌ඩයට අදාළ සියලූම ගෙවීම් සිදුකෙරෙනුයේ ටෙස්‌ට්‌, එක්‌දින සහ පන්දුවාර 20/20 යන අංශ 3 ම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයන්ට වන අතර මාලිංග ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම මත ඔහුට හිමිවන්නේ අදාළ මුදලින් 40% ක මුදලක්‌ පමණි. මේ සම්බන්ධව කනස්‌සල්ලෙන් පසුවූ මාලිංග ශ්‍රී ලංකා ක්‍රීකට්‌ ආයතනය සමග කිසිදු කොන්ත්‍රාත්තුවක්‌ නොමැති වීම මත තමා දැන් නිදහස්‌ ක්‍රීඩකයකු වන බව ඉකුත්දා ඉන්දීය මාධ්‍යය හමුවේ ප්‍රකාශ කර තිබිණි.

මේ සම්බන්ධව අදහස්‌ දක්‌වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන ප්‍රධානියෙක්‌ සඳහන් කර සිටියේ, අදාළ 100% ක මුදලම මාලිංගට හිමිවීමට නම් ඔහු අංශ තුනම නියෝජනය කළ යුතු වන බවත්, ටෙස්‌ට්‌ ක්‍රීඩාවෙන් සමුගැනීම මත ඊට වැඩි මුදලක්‌ ඔහුට ලබාදීමේදී අංශ තුනම නියෝජනය කරනු ලබන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට එමගින් දැඩි අසාධාරණයක්‌ සිද්ධවන බවයි.

වාර්ෂිකව ඇමරිකානු ඩොලර් 82,000 ක්‌ හිමිවන (දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 9 ක්‌ පමණ) හිමිවන 'බී' කාණ්‌ඩයට උප නායක ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, රංගන හේරත් සහ උපුල් තරංග ඇතුළත්ව සිටිති.

ඇමරිකානු ඩොලර් 66,150 ක්‌ හිමිවන(දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 7.2) තෙවැනි කාණ්‌ඩය සඳහා ඇතුළත්ව සිටින්නේ ටෙස්‌ට්‌ කණ්‌ඩායමේ නිත්‍ය කඩුලූ රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධන පමණි.

සිව්වැනි කාණ්‌ඩයට තරංග පරණවිතාන, සුරාඡ් රන්දීව්, අජන්ත මෙන්ඩිස්‌ සහ දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව සිටින අතර ඔවුන් අත්සන් තැබෙනුයේ ඇමරිකානු ඩොලර් 49,750 ක්‌ (දල වශයෙන් ශ්‍රී ලංකා මුදලින් මිලියන 54.4) වැනි මුදලකටය.

අදාළ කොන්ත්‍රාත් ගත කිරීමේදී පස්‌වැනි දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර සහ තිසර පෙරේරාද, හයවැනි කාණ්‌ඩයට චාමර කපුගෙදර, සුරංග ලක්‌මාල් සහ ළහිරු තිsරිමාන්න ඇතුළත් වී සිටියි.

මෙවර අන්තර් සමාජ තරගාවලියේදී ලකුණු 1000 සීමාව ඉක්‌මවා යැමට සමත්වූ චාමර සිල්වා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් අංශ තුනම නියෝජනය කරන ලද ධම්මික ප්‍රසාද් යන ක්‍රීඩකයන් අයත්ව සිටින්නේ පළාත් කාණ්‌ඩයට වන අතර ඔහුට වඩා අඩු දස්‌කම් දැක්‌ වූ චාමර කපුගෙදර(ඇ. ඩොලර් 22,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් මිලියන 2.4 ක්‌ හිමිවන හයවැනි කාණ්‌ඩය) සහ දිල්හාර ප්‍රනාන්දු(ඇ. ඩොලර් 3.6 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 3.6 ක්‌ හිමිවන පස්‌වැනි කාණ්‌ඩය) ඉහළ කාණ්‌ඩ වලට ඇතුළත් වී සිටීම සුවිශේෂී වේ.

මීට අමතරව පළාත් ශ්‍රේණියේ කාණ්‌ඩ 4 ක්‌ යටතේ ක්‍රීඩකයන් 40 දෙනෙකු කාණ්‌ඩගත කර තිබෙන අතර ඔවුන් බහුතරයක්‌ ශ්‍රී ලංකා 'ඒ' සහ සංවර්ධිත සංචිතවල පසුවන ක්‍රීඩකයන් වේ. 

ඉකුත් වසරේදී අදාළ කොන්ත්‍රාත්ගත කිරීමට ක්‍රීඩකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක්‌ ඇතුළත් වුවත්, මෙවර එය 60 දක්‌වා අඩු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය පියවර ගැනීමද විශේෂත්වයක්‌ ලෙස හැඳින්විය හැක. 

ජාතික ශ්‍රේණිය

පළමු කාණ්‌ඩය(ඇ. ඩොලර් 127,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 13.9) - මහේල ජයවර්ධන, කුමාර් සංගක්‌කාර, ටී එම් ඩිල්ශාන්, තිලාන් සමරවීර, ලසිත් මාලිංග.

දෙවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 82,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 9) - ඇන්ජලෝ මැතිව්ස්‌, නුවන් කුලසේකර, රංගන හේරත්, උපුල් තරංග.

තෙවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 66,150 හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 7.2 ක්‌) - ප්‍රසන්න ජයවර්ධන

සිව්වැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 49,750 ක්‌ හෙවත් ශ්‍රී ලංකා රු. මිලියන 5.4 ක්‌) - තරංග පරණවිතාන, සුරාඡ් රන්දීව්, අජන්ත මෙන්ඩිස්‌, දිනේෂ් චන්දිමාල්.

පස්‌වැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 33,075 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් මිලියන 3.6 ක්‌) - දිල්හාර ප්‍රනාන්දු, චානක වෙලගෙදර, තිසර පෙරේරා.

හයවැනි කාණ්‌ඩය(ඇ. ඩොලර් 22,000 ක්‌ හෙවත් ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන2.4 ක්‌) - චාමර කපුගෙදර, සුරංග ලක්‌මාල, ළහිරු තිරිමාන්න.

පළාත් ශ්‍රේණිය

'ඒ' කාණ්‌ඩය - චාමර සිල්වා, තිළිණ කණ්‌ඩම්බි, ධම්මික ප්‍රසාද්, දිමුත් කරුණාරත්න, µර්වීස්‌ මහරූෆ්, ජීවන් මෙන්ඩිස්‌, කෞෂාල් සිල්වා, සචිත්‍ර සේනානායක, ශමින්ද එරංග.

'බී' කාණ්‌ඩය - දිල්රුවන් පෙරේරා, ඩිල්ෂාන් මුණවීර, ජනක ගුණරත්න, කෝසල කුලසේකර, කුසල් පෙරේරා, මාලිංග බණ්‌ඩාර, නදීර නාවෙල, මිලින්ද සිරිවර්ධන, නිලංග ප්‍රේමරත්න, රොෂේන් සිල්වා, සචිත්‍ර සේරසිංහ, සජීව වීරකෝන්, සික්‌කුගේ ප්‍රසන්න, තරංග ලක්‌ෂිත, මලින්ද වර්ණපුර, නුවන් ප්‍රදීප්.

'සී' කාණ්‌ඩය - ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්‍ෂ, කෞෂාල් ලොකුආරච්චි, මහේල උඩවත්ත, මාලින්ද පුෂ්පකුමාර, ටී. එන්. සම්පත්.

'ඩී' කාණ්‌ඩය - අශාන් ප්‍රියන්ජන්, අෂේන් සිල්වා, ඉසුරු උදාන, කනිෂ්ක ඇල්විටිගල, යොහාන් ද සිල්වා, කිත්රුවන් විතානගේ, සොහාන් බොරලැස්‌ස, උදාර ජයසුන්දර.


Source:  Divaina News - චමිල කරවිට




මාලිංග උසස්‌වීම් ලබද්දී චාමර සහ ධම්මික ජාතික ශ්‍රේණියෙන් හැළෙති
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

බංගලාදේශය 20යි 20න් පැරදවූ ශ්‍රී ලංකාව තවදුරටත් අංක එකේ on 31 March 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?