ශ්‍රී ලoකාව හා පාකිස්ථානය අතර අද පැවැත් වූ ප්‍රථම එක්දින තරගයෙන් ශ්‍රී ලpකාවට කඩුළු 6ක අමිහිරි පරාජයකට මුහුණ දීමට සිදුවිය.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලකා කණ්ඩායම් නායක මහේල ජයවර්ධන තීරණය කල අතර තරගය අවසානයේ පාකිස්ථාන කණ්ඩායම් නායක මිශ්බාහ් උල් හක් ප්‍රකාශ කරන ලද්දේ කාසියේ වාසිය පරාජය වීම ආශිර්වාධයක් ලෙසය. තණතිල්ල මත දෙදිනක් පුරා පැවති තෙතමන තත්වය පිතුකරුවන්හට ඉතා අවාසිදායාක තත්වයක් වූ බව ඔහුගේ ප්‍රකාශයෙන් සදහන් විය.
ශ්‍රී ලoකා ඉදිරිපෙළ පිතිකරුවන්ගේ දුර්වල පිතිකරනය නැවතත් ඉස්මතුවූ කරුණක් වූ අතර මුල්පෙළේ පිතිකරුවන් 6 දෙනෙකු ලකුනු 56කට දැවී ඉතා අසීරු තත්වයක් උද්ගත්විය. තරගය වර්ශාවෙන් බාධාවෙමින් පැවැත් වුන අතර ඩක්වත් ලුවිස් න්‍යාය අනුව පන්දුවාර 42කට සීමා කිරීමට සිදුවිය.
ලහිරු තිරිමාන්න සමග එක්වූ තිසර පෙරේරා හා නුවන් කුලසේකර තරගය ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලකා කණ්ඩායමට ගෞරවනීය අවසානයක් ගෙන ඒමට සමත් විය. එහිදී තිරිමාන්න 42 නොදැවී ලබාගත් අතර කුලසේකර 18 හා තිසර 17ක් ලබා ගනිමින් අනගි සහයක් ලබාදුනි. ශ්‍රී ලoකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාදෙමින් පාකිස්ථානය අතිරේක ලකුණු 31ක් ලබාදී තිබීමද විශේෂයෙන් සටහන් කලයුතු අතර උඩපන්දු අතහැරීම්ද ප්‍රභල ස්ථානයක සැලකිය හැක.
ශ්‍රී ලoකා තරගයක සාමාන්‍යයෙන් දැකිය හැකි ප්‍රභල ප්‍රේක්ශක සහභාගීත්වය මෙම තරගයේ දැක ගත නොහැකිවූ අතර ප්‍රේක්ශකාගාර ඇල් මැරුණු ස්වභාවයක් ඉසිලීය. මෙම තරගාවලියේ අවම ප්‍රවේශ පත්‍රයක මිළ ගණන් මහනුවර තරගයේ ඉහළ දැමීම හා කාළගුණයේ බලපැමද මෙයට දායක විය හැකිබව ප්‍රේක්ෂක මතය විය.
පාකිස්තාන කණ්ඩායම ඉතා පහසුවෙන් ජයග්‍රාහී ලකුණු සීමාව පසුකල අතර එහිදී හෆීස් 37, මිශ්බාහ් 30ක්ද, අක්මාල් 36 නොදැවී ලබාගත්හ.
දෙවන එක්දින තරගය ලබන සෙනසුරාදා 09 පල්ලෙකැලේ ක්‍රීඩාගනයේ පැවැත්වීමට නියමිතය.
Sri Lanka 135/8 (42 overs)
Thirimanna 42*, Perera 17, Kulasekara 18
Gul 24/3, Sami 19/3, Hafeez 20/2
Pakistan 135/4 (35.1 overs)
Hafeez 37, Akmal 36, Mishbah 30
Pakistan won by 4 wicket (D/L Method)




