(12.06.2012) : කුසලතා හඳුනාගැනීමේ කඳවුර ජුනි 19 දින සුගතදාස ක්‍රීඩාංගණයේ දී
LTTE සංවිධානයේ සන්නද්ධ අංශයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ අවසන් සටනේදී රජයේ හමුදාවන්ට බාරවූ දැනට පුනරුත්තාපන අමාත්‍යාංශය යටතේ පුනරුත්තාපනය වන පිරිස් අතරින් ක්‍රීඩාවට දක්ෂතා දක්වන තරුණ තරුණියන්ට ජාතික සංචිතවලට තෝරා ගැනීම සඳහා ක්‍රී
ඩා අමාත්‍යාංශය, පුනරුත්තාපන අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව විශේෂ වැඩසටහනක් ජුනි මස 18, 19 දින වල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.
වෙඩි තැබීම, වොලිබෝල්, පාපන්දු, බැඩ්මින්ටන්, පිහිනුම්, මලල ක්‍රීඩා, කරාතේ, බර ඉසිලීම, කබඩි, ක්‍රිකට්, චෙස් හා කැරම් යන ක්‍රීඩා ඉසව්වල දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100 දෙනෙක් ජාතික සංචිතවලට බඳවාගෙන පුහුණු කිරීම මෙම වැඩසටහනේ ඉලක්කය වන අතර, ජුනි මස 18 දින හා 19 දින වල කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී කුසලතා හඳුනාගැනීමේ කඳවුර පවත්වන අතර, වෙඩි තැබීමේ ක්‍රීඩාව සඳහා තෝරා ගැනීම් වැලිසර නාවික හමුදා කඳවුරේ දී පවත්වනු ලැබේ.
වසර 30 කට අධික කාලයක් යුද්ධය සමඟ කටයුතු කිරීම නිසා LTTE සාමාජිකයන්ට ක්‍රීඩාව සමඟ සම්බන්ධ වීමට නොලැබුණු අවස්ථාව උතුරු, නැගෙනහිර ජනතාවට ලබා දී ජාතික ක්‍රීඩාව පෝෂණය කිරීම සඳහා මෙම පිරිස් එක්කර ගනිමින් රටක් වශයෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා රටේ සියලුම පාර්ශවයන් එක්කර ගැනීම මෙහි අරමුණ බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.
(C) Cricturf




