• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

On Wednesday, 20 June 2012 06:27 GMT නව ප්‍රවෘත්ති.

පුනරුත්ථාපනය වන LTTE සාමාජිකයින් ජාතික ක්‍රීඩා සංචිතවලට බදවා ගැනීමේ වැඩපිළිවෙලක් අරඹයි

Tweet
Google

(20th June 2012,Cricturf) : තෝරා ගත් ක්‍රීඩා ඉසව් 12ක් සදහා පුනරුත්ථාපනය වන  සාමාජිකයින් 131ක්

මීට දශක 3කට ඉහත ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට රජයේ හමුදාවත් සමග සටන් වැදුනු උතුරු නැගෙනහිර  සන්නන්ධ සටන්කාමීන් රජයේ හමුදාවන්ට භාර වීමෙන් පසු දැනට බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යාංශය යටතේ පුනරුත්ථාපනය වන ඛඔඔෑ  සාමාජිකයින් ක්‍රීඩාව තුළින් රටට අභිමානයක් ගෙන දීම සදහා ඉදිරිපත් වී ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

 

ක්‍රීඩා අමාත්‍යාංශය හා බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ දැනට පුනරුත්ථාපනය වන LTTE සාමාජිකයින් ක්‍රීඩාවට යොමු කිරීමේ වැඩසටහන යටතේ ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල්, පිහිනුම්, කරාටේ, බර ඉසිලීම, කබඩි, කැරම් ,මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, මල්ලවපොර,වෙඩි තැබීම,ඉසව් සදහා තෝරා ගැනීමේ පුහුණු කදවුරක් සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බන්ධනාගාර හා පුනරුත්ථාපන අමාත්‍ය චන්සිරි ගජවීර අමාත්‍යවරුන්ගෙ ප්‍රධානත්වයෙන් සිදු විය.

දශක 03කට අධික කාලයක් උතුරු නැගෙනහිර පළාතේ පැවැති යුධමය වාතාවරණය හේතුවෙන් ලාංකීය ක්‍රීඩාවට අවශ්‍ය දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එම පළාත්වලින් ජාතික සංචිත නියෝජනය කිරීමට බාධාවක් වූ අතර රටට සාමය උදා වීමත් සමග උතුරු නැගෙනහිර පළාත්වල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට එම අවස්ථාව ලබා දීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශය උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කරමින් ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘතියක් මේ වන විට ආරම්භ කර ඇති අතර එම ව්‍යාපෘතියේ තවත් පියවරක් ඉදිරියට තබමින් LTTE සංවිධානයේ සන්නද්ධ සාමාජිකයින්ගේ ක්‍රීඩා දක්ෂතා හදුනාගෙන එම දක්ෂතාවන්වලට විශේෂ වටිනාකමක් ලබා දීම සදහා ජාතික සංචිත නියෝජනය කිරීමට අවස්ථාවක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

LTTE සංවිධානයේ සන්නද්ධ අංශයේ දක්ෂ වෙඩික්කරුවන් හදුනාගෙන ඔවුන් වෙඩි තැබීමේ ක්‍රීඩා ඉසව්වට යොමු කිරීම සදහා පෙරවරුවේ කොළඹ නාවික හමුදා කදවුරේදී කුසලතා හදුනා ගැනීමේ පුහුණුවක් පැවැත්වූ අතර එයින් ජාතිික කණ්ඩායම් නියෝජනය කිරීම සදහා ක්‍රීඩකයින් කීප දෙනෙකු තෝරා ගැනීමට හැකි වෙතැයි ක්‍රීඩා අමාත්‍යංශය විශ්වාසය පළ කරයි. LTTE සංවිධානයේ මුහුදු කොටි බලකායේ සාමාජිකයින් ලෙස කටයුතු කරමින් පිහිනුම් ක්‍රීඩාවේ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් පිහිනුම් ක්‍රීඩාවට යොමු කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇති අතර පිහිණුම් ක්‍රීඩාවට යොමු වූ ඇතැම්  සාමාජිකයින්ට සැතපුම් 10ක දුර ප්‍රමාණයක් පිහිනීමේ දක්ෂතා තිඛෙන බවද අනාවරණය වී ඇත.

 

සෙසු ක්‍රීඩා ඉසව් වන ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල්, පිහිනුම්, කරාටේ, බර ඉසිලීම, කබඩි,කැරම් ,මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, මල්ලවපොර,වෙඩි තැබීම ඉසව්වල කුසලතා හදුනා ගැනීම සුගතදාස ක්‍රීඩාංගණයේ දී සිදු වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි. පෙරවරුවේ පැවැති කුසලතා හදුනා ගැනීමේ පුහුණු කදවුරට ක්‍රීඩා සංගම් පුහුණුකරුවන් , ක්‍රීඩා පරිපාලකයින් ,ක්‍රීඩා නිළධාරීන් පිරිසක් සහභාගි වූ අතර ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උදය ආර් සෙනෙවිරත්න, පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යාංශයේ ලේකම් පී. දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වූ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

 

(C) Cricturf

පුනරුත්ථාපනය වන LTTE සාමාජිකයින් ජාතික ක්‍රීඩා සංචිතවලට බදවා ගැනීමේ වැඩපිළිවෙලක් අරඹයි
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

බංගලාදේශය 20යි 20න් පැරදවූ ශ්‍රී ලංකාව තවදුරටත් අංක එකේ on 31 March 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?