• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Wednesday, 27 June 2012 16:11 GMT නව ප්‍රවෘත්ති.

ඉන්දියානු ආයතන 7ක් SLPL කණ්ඩායම් මිළට ගනී, කීඩක වෙන්දේසිය ලබන සතියේ.

Tweet
Google

ශ්‍රී ල○කාවේ පැවැත්වීමට නියමිත අන්තර් පලාත් විස්සයි20 තරගාවලිය සදහා කණ්ඩායම් හිමිකරුවන්හට ලන්සු කැදවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. එහි සදහන්ව ඇති ආකාරයට ලන්සු තබන්නන් පසුගිය 25වන දිනට පෙර ලන්සු ඉදිරිපත් කළ යුතුව තිබූ අතර එම ලන්සු අයදුම් පත් රු.50,000/- ක බැදුම්කරයක් සමග ක්‍රිකට් ආයතනය වෙත භාරදිය යුතුව තිබිණ.


ඒ අනුව යමින් ආයතන හා පුද්ගලයන් අයදුම් පත් 17ක් ඉදිරිපත් කර තිබූ අතර ඉන් කණ්ඩායම් සදහා ඉදිරිපත් වූ ඉහළම ලන්සු ඉදිරිපත් කල ආයතන 7ක් තෝරා ගන්නා ලද බව ක්‍රිකට් ආයතනයේ ප්‍රධානියෙකු මාධ්‍ය වෙත සදහන් කර ඇත.

ඉන්දීය ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත මොහොතක ඉන්දියානු ආයතන රැසක් මෙම ලන්සු තැබීමට ඉදිරිපත්ව ඇති අතර ඉන් තෝරාගත් ආයතන 6ක් සෘජුවම ඉන්දියානු ආයතන වේ. මෙහි එකම ශ්‍රී ලා○කික ආයතනය ලෙස සිසිල් බීම ආයතනයක්වන පෙප්සි ආයතනයේ ල○කා නියොජිතයන්වන "වරූණ් බෙවරේජ්" සමාගම පමණක් සුදුසුකම් ලබා ඇත. එම ආයතනයද ඉන්දියානු සම්භවයක් ඇති ආයතනයක් වන අතර නැගෙනහිර කණ්ඩායම සදහා මූල්‍යමය දායකත්වය ලබාදෙමින් එහි වසර 7ක හිමිකමට පත් වීමේ අවස්ථාව ඔවුන්ට ලැබී ඇත. ඔවුන් කණ්ඩායම් ලන්සු අතර පහළම ආයොජනය (ඇ.ඩො.මිලියන 3.22) ඉදිරිපත් කළ ආයතනයද වීම කැපි පෙනෙයි.

ඉන්දියානු සමාගමක්වන "වාදවන් හොල්ඩින්ග්ස් ලිමිටඩ්" ආයතනය ඉහළම මුදලක් ගෙවූ කණ්ඩායම වන අතර ඔවුන් වයඹ කණ්ඩායමට ඇ.ඩො.මිලියන 5.02 ගෙවීමට කැමැත්ත පළ කොට ඇත. මෙම ආයතන 7 සදහා ඒ ඒ කණ්ඩායම්වල අයිතිය පැවරෙන අතර එය වසර 7ක බද්දකට යටත්ව සිදු කරන බව ක්‍රිකට් ආයතනය සදහන් කොට ඇත. වසර 7ට පසු අවශ්‍යනම් සේවා දිගුවක් ලබාගැනීමට ආයතනවලට හැකියාවක් ඇති අතර කණ්ඩායම් හැර යෑමටද අවස්ථාව ඇත.

ඒ අනුව මෙම කණ්ඩායම් හිමිකාරීතවය පැවරීමෙන් පමණක් ශ්‍රී ල○කා ක්‍රිකට් ආයතනය ඇ.ඩො මිලියන 30කට ආසන්න මුදලක් උපයා ඇත. සි○ගප්පූරු සමාගමක්වන සමර්සෙට් ආයතනය තරගාවලියේ අතිරේක වියදම් රූපවාහිනී අයිතීන හා තරගාවලිය සම්බන්ධ අයිතීන් අලවියෙන් සොයා ගනු ඇත.

ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලියේ විකාශන අයිතිය ලබා සිටිය "සොනි මැක්ස්" ආයතනයේ නවතම නාලිකාවක් විසින් ශ්‍රී ල○කා ප්‍රිමිය ලීග් තරගාවලියේ විකාශන අයිතියද ලබාගනු ඇතැයි සදහන්ය.

එක් කණ්ඩායමක් සදහා උපරිම ක්‍රීඩකයන් 18 දෙනෙකු එක් කර ගැනීමේ අවස්ථාව හිමිකරුවන් වෙත ලැබෙන අතර විදෙස් ක්‍රීඩකයන් 4 දෙනෙකු හා අවුරුදු 21න් පහළ එක් ක්‍රීඩකයෙකු සැම කණ්ඩායම් ස○යුතියකම සිටිය යුතුබව නියම කොට ඇත. ශ්‍රී ල○කා දේශීය ක්‍රීඩකයන්ටද සැලකිය යුතු මුදලක් ලැබෙන මෙම තරගාවලිය ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරමින් ඉදිරි විස්සයි20 ලෝක කුසලානයට ජාතික කණ්ඩායමට එක්වීමේ අවස්ථාව සලසා ගැනීමට තොතැන්නක් කර ගත යුතුය.

ඉදිරි සතිය තුළ තරගාවලියට අදාළ ක්‍රීඩක ලන්සු තැබීම කණ්ඩායම් හිමිකරුවන් විසින් සිදුකිරීමට නියමිත අතර ඊට අදාළ ක්‍රීඩක ලයිස්තුවක් ක්‍රිකට් ආයතනය මගින් ලබාදීමට නියමිතය. එහිදී දේශීය ක්‍රීඩකයන් 40 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයන් ල○සු තැබීම මගින් කණ්ඩායම් සදහා තොරා ගැනීමට නියමිතය.


කණ්ඩායම් හිමිකාරත්වය ලද ආයතන
වයඹ - වාදවන් හොල්ඩින්ග්ස් පුද්. සමාගම - $ මිලියන 5.02
කදුරට - නම්බර් වන් ස්පොර්ට්ස් කන්සුල්ටින්ග් පුද්. සමාගම - $ මිලියන 4.98
රුහුණ - පර්ල් ඔවර්සීස් සමාගම - $ මිලියන 4.6
ඌව - සක්සස් ස්පොර්ට්ස් පුද්. සමාගම - $ මිලියන 4.6
බාස්නහිර - ඉන්ඩියන් ක්‍රිකට් ඩන්ඩී සමාගම - $ මිලියන 4.33
උතුර - රුද්‍රා ස්පොර්ට්ස් පුද්. සමාගම - $ මිලියන 3.4
නැගෙනහිර - වරුණ් බෙවෙරජස් ල○කා පුද්. සමාගම - $ මිලියන 3.22



(මෙම සටහන මාධ්‍ය මගින් පළවූ ආකරයට වන අතර නිල නිවේදනය මේවනතෙක් ලැබී නොමැත)

ඡායාරූපය: ගිය වසරේ අන්තර් පළාත් විස්සයි20 තරගාවලිය දිනාගන්නා ලද රුහුණු කණ්ඩායම කුසලානය සමග.

ඉන්දියානු ආයතන 7ක් SLPL කණ්ඩායම් මිළට ගනී, කීඩක වෙන්දේසිය ලබන සතියේ.
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

බංගලාදේශය 20යි 20න් පැරදවූ ශ්‍රී ලංකාව තවදුරටත් අංක එකේ on 31 March 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?