ක්‍රීඩාව ගමට ගෙන යාමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍යාංශයේ පළාත් ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය යටතේ රු.මිලියන 250 ක වියදමකින් නිමකළ නාවලපිටිය ජයතිලක ක්‍රිීඩා සංකීර්ණය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2012.07.01 දින ප.ව.2.00 ට ජනතා අයිතියට පත් කෙරෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.
දිවයිනේ ග්‍රාම්‍ය මට්ටමේ සිට ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කර ග්‍රාමීය මට්ටමේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටම දක්වා ගෙන යාම සදහා ජාත්‍යන්තර ප්‍රමිතියකින් හා ඉහළ තාක්ෂණයකින් යුත් ක්‍රීඩා සංකීර්ණ ප්‍රාදේශීය ,දිස්ත්‍රික්,පළාත් මට්ටමින් ඉදි කරන අතර පළාත් මට්ටමින් පසුගිය වසරේ ආරම්භ කළ උතුරු පළාතේ කිලිනොච්චි ක්‍රීඩාංගණය, ඌව පළාත්් ක්‍රීඩාංගණය, උතුරු මැද පළාත් ක්‍රීඩාංගණ අතරින් ප්‍රථමයෙන් නිම කළ නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය ජූලි මස 01 වන දින ජනතා අයිතියට පත් කරන අතර,සෙසු ක්‍රීඩාංගණ ද මේ වසර අවසාන වන විට ජනතා අයිතියට පත් කිරීමට නියමිත යැයි ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
මෙතෙක් කල් කොළඹට පමණක් සීමා වී තිබූ ක්‍රීඩා පහසුකම් කොළඹින් පිට දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවලට ගෙන යාමෙන් ගම්බද සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘති තුළින් විශාල සේවාවක් සපයන අතර,විශේෂයෙන් ක්‍රීඩා 25 ක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් මෙම ක්‍රීඩා සංකීර්ණ ව්‍යාපෘතිය තුලින් ලබා දී ඇත. මීටර් 400 ක ධාවන පථයක් මීටර් 200 ක පුහුණු ධාවන පථයක් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පාපන්දු, රගර් ක්‍රීඩා කළ හැකි ක්‍රීඩාංගණයක් මෙම ව්‍යාපෘතියට ඇතුළත් වන අතර, ක්‍රීඩා 25ක් පුහුණු විය හැකි අංග සම්පූර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගණයකින්ද මෙය සමන්විත වන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.



- Cricturf




