ලාරා පසුපස හබා යන ස○ගා නැවතත් එකපිට දෙවරක් අසාර්ථක වීම පාකිස්ථානයට එරෙහිව ශ්‍රී ල○කාව තරගවදින ටෙස්ට් තරගාවලියේ ප්‍රධාන මාතෘකාව වී තිබේ. තම ටෙස්ට් දිවියේ 9වන ද්විත්ව ශතකය අභිමුව ඉතා අවාසනාවන්ත ලෙස තම කඩුල්ල පූජාකිරීමට ස○ගක්කාරට අද සිදුවිය. ගාල්ලේ පැවති ප්‍රථම ටෙස්ට් තරගයේද ඉතා අවාසනාවන්ත ලෙස ද්විත්ව ශතකය අහිමි කරගත් ඔහු අද දින අවසන් වූ තරගයේද ලකුණු 192දී දැවී යැමට සිදුවිය.
ගාල්ලේ පැවති තරගයේදී අවසන් පිතිකරු සමග තනිවූ ස○ගක්කාරහට තම ඉනිම තව දුරටත් රැගෙන යෑමට සිදුවූවේ අනෙක් පස ක්‍රීඩාකල නුවන් ප්‍රදීප්ගේ කඩුල්ලද ආරක්ශාකරගනිමින්ය ඔහු හැකි පන්දුවලින් ලකුණු දෙක හා 4 ලබාගනිමින් අවසන් පන්දුවට තම පිතිකරනය අනෙක්පසට හුවමාරු කරගනිමින් තරගයේ යෙදුනද ලකුණු සටහන් කරුවන්ගෙන් සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් සැලැස්ම අසාර්ථක විය. ලකුණු පුවරුවේ ස○ගක්කරගේ ලකුණු සඛ්‍යාව 194ක් ලෙස එක් ලකුණක් වැඩියෙන් සටහන්ව තිබීම නිසා ල○කා ඉනිමේ 153 වෙනි පන්දු වාරයේ පස්වන පන්දුවේදී තමන්ට ලැබුණ දුර්වල පන්දුවට මිඩ්විකට් කලාපයට ඉහළින් ලකුණු හයේ පහරක් එල්ල කළේය. එම පහරින් ලකුණු දෙසීයේ සීමාව පසු කල ප්‍රීතිය බුක්ති විදි ස○ගක්කාරට සත්‍ය වශයෙන් තමන්ගේ ලකුණු 199ක් බව දැකගත හැකිවිය. යම් හෙයකින් එය එසේ නොවූවානම් ඔහු එම දුර්වල පන්දුවෙන් තම අන්තය මාරු කරගනීමට හෝ ආරක්ශාකාරීව සිටීමට තීරණකළ හැකිව තිබිණ. නමුත් එම පන්දුවාරයේ පිතිකරු අන්තයේ සිරවූ ස○ගා හට ඊළග පන්දුවාරයේ නුවන් ප්‍රදීප් දැවීයාම නිසා ද්විත්ව ශතකය අහිමිවිය.
දිව්ත්ව ශතක ලබාගන්නාලද ක්‍රීඩකයන් අතර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රීමත් ඩොන් බ්‍රැඩ්මන් ද්විත්ව ශතක 12ක් ලබාගනිමින් පෙරමුණේ පසුවන අතර බටහිර ඉන්දීය අග්‍රගණ්‍ය ක්‍රීඩක බ්‍රයන් ලාරා ද්විත්ව ශතක 9ක් ලබාගනිමින් දෙවන ස්ථානයේ පසුවෙයි. ස○ගක්කාර දැනට ද්විතව ශතක සටහනේ ද්විත්ව ශතක 8ක් ලබාගනිමින් 3න්වෙනි ස්ථානයේ පසුවෙයි.
ඉවසීමෙන් හා සයමයෙන් යුතුව ගොඩනගන ලද තම ඉනිම ඉතා අපරික්ශාකාරීලෙස ලකුණු 192දී බිළිදීම නිසා ස○ගක්කාර හට අද දින ලකුණු 200 සීමාව පසු කිරීමට නොහැකිවිය. වමත් දග පන්දු යවන අබ්දුර් රෙහ්මාන්ගේ පන්දුවකට ඉදිරියට පැන එල්ලකරන ලද පහර නිසියාකාරව පිත්තේ නොවැදීම නිසා ශෝට් ස්ක්වෙයා ලෙග් හි පන්දු රකිමින් සිටි ක්‍රීඩක තව්ෆීක් උමාර් අතට උඩපන්දුවක් දී දැවී යාමට සිදුවිය.

කුමා ස○ගක්කාර ලොව අනර්ඝ පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටින ක්‍රීඩකයෙකු ලෙස පාකිස්ථාන නායක මිශ්බාහ් උල් හක් තරගයෙන් පසුව පැවති මාධ්‍ය සාකච්චාවේදී ප්‍රකාශකරන ලද අතර, ස○ගක්කාර යනු අනර්ඝ ක්‍රීඩකයෙකු බව ඔහුගේ වාර්ථා දෙස බැලීමේදී දැකගත හැකි බවද කියා සිටියේය.
ස○ගක්කාර ජගත් ක්‍රිකට් කවුන්සල වර්ගීකරණ නාමාවලියේ ප්‍රථම ස්ථානයට අද නම් කොට ඇති අතර මීට පෙර තරගයෙන් පසුව ලේඛණයේ දෙවන ස්ථානය ගැනීමට ඔහු සමත්ව සිටියේය. ප්‍රසාද ලඛුණු 856 ලබා සිටි ඔහු මෙම තරගයේ දක්වන ලද දක්ශතාවය වෙනුවෙන් ප්‍රසාද ලකුණු 892ක් ලබා ප්‍රථම ස්ථානයට පත්ව ඇත.
එසේම සගක්කාර ටෙස්ට් ලඛුණු 10000 සීමාව පසු කිරීමට තවත් ලකුණු 212ක් පසු පසින් සිටින අතර ලකුණු 10000 සීමාව අඩුම තරග ගණනකින් ලබාගැනීමේ අවස්ථාවද ඔහුට අනාගතයේ උදාවීමට නියමිතය. ඔහු ලකුණු 8000 හා 9000 අවම තරග ගණනකින් ලබා ගනිමින් වාර්ථා පොත් අතරට තම නම එක්කර තිබීමද සුවිශේෂයි.
තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාගනයේදී ලබන 8වෙනිදා ආරම්භවීමට නියමිතය.
Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |
පිට පිට දෙවරක් අසරණ වූ ස○ගක්කාර ටෙස්ට් පිටියේ අ○ක එක
Related නව ප්‍රවෘත්ති.
ශ්‍රී ලංකාව 2007 සිට පැවති ICCතරගාවලි අතුරින් 6වැනි වරටත් අවසන් පූර්ව වටයට on 17 June 2013පාසල් රග්බි තරගාවලිය නැවැත්වීමේ අවධානමක් on 08 June 2013
ධර්මරාජ විදුහලට කිරුළ අහිමි කිරීමේ කැරැල්ලක් on 03 June 2013
ඉසිපතන - රාජකීය තරගය ජයපැරදුමෙන් තොරබවට තීරණය වෙයි. on 03 June 2013
රග්බි විනිසුරු ප්‍රදීප් ප්‍රනාන්දුට වසරක තරග තහනමක්. on 30 May 2013
තරග පාවාදුන් තවත් ක්‍රීඩකයන් හෙළිවෙයි, මෙයියප්පන් 29දා තෙක් පොලිස් භාරයේ on 25 May 2013
පොලිස් පරික්ෂණවලට පෙර අසාද් රවුෆ් ඉන්දියාවෙන් පිටවෙයි. on 24 May 2013
චෙන්නායි සුපර් කිංස් ප්‍රධාන විධායක ගුරුනාත් මෙයියප්පන් පොලීස් අත් අඩංගුවට on 24 May 2013
කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් on 24 May 2013
Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013






