නුවන් කුලසෙකර ඉන්දියාවට එරෙහි ප්‍රථම තරගය අතරවාරයේදී අභාදයකට ලක් වී ඇති බව කණ්ඩායමනාකාරීත්වය සදහන් කළේය. ඔහු මෙම තරගයේදී පන්දු යැවීමෙන් පන්දු ඕවර 5කට පමණක් තම දායකත්වය ලබාදුන් අතර එහිදී ලකුණු 20කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. තම දෙවන පන්දු ඕවරයේදී ගවුතම් ගාම්බීර්ගේ කඩුල්ල දවාලමින් ශ්‍රීලකා කණ්ඩායමට මානසික අස්වැසිල්ලක් ලබාදීමට කුළසේකරහට හැකි වූ අතර.
විරේන්ද්‍ර ශෙහ්වාග් ලබාදුන් උඩපන්දුවක් ර්‍අක ගනීමට යෑමේදී ඉකිලි ප්‍රදේශයේ අති වූ ආබාදයකට ලක්ව පිටියෙන් ඉවත්විය.
තරගයේ ඉන්දීය ඉනිම අවසන් වනතුරු ඔහු නැවත පන්දු රැකීමට පිටියට පිවිසියේ නැත.
කෙසේ නමුත් ශ්‍රී ලකා කණ්ඩායමේ අවසන් පිති කරු ලෙස පිටියට පිවිසි කුලසේකර ශ්‍රී ලකා කණ්ඩායම වෙනුවෙන් ඔහුගේ දායකත්වය සලසමින් පිටියේ රැදී සිටීමට සමත් වීම විශේෂත්වයෙන් සැලකිය හැකිය.
තරගයෙන් අනතුරුව ශ්‍රී ලකා නායක මහේල ජයවර්ධන පැවසූවේ කුලසේකර ස්කැන් පරීක්ෂනයකට යොමුකිරීමට ආවශ්‍යව ඇති බවත් ඉන්දීය තරගාවලියෙන් ඉවත් කිරීමට කළමනාකාරිත්වය තීරණය කළ බවත්ය.
කුලසේකර හට ආදේශක ක්‍රීඩකයෙකු ලෙස යොදවන වේග පන්දු යවන්නා පිළිබදව තවමත් තීරණයකට පැමිණ නැත.
Photo: AFP




