ඉන්දියාවට එරෙහිව පැවති ප්‍රථම තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල කියා සිටීයේ ක්‍රීඩාවේ ICCය වර්තමානයේ ගත් නවතම නීති පිළිබදව වැඩි දුරටත් අධ්‍යනය කල යුතු බවය.
මාධ්‍ය වේදියෙකු නුවන් කුලසේකරගේ අබාධ තත්වය හා අවසන් පන්දු ඔවරය තුළ ඔහු ලකුණු අතර දිවීම ප්‍රතික්ශේප කරමින් ක්‍රීඩාකිරීම පිළිබදව විමසූ අවස්ථාවේ මහේල මෙසේ අදහස් දක්වා සිටියේය.
නුවන් කුලසේකර තරගය අතර වාරයේ දී ඉකිලි ප්‍රදේශයේ ඇතිවූ අභාදයක් නිසා ක්‍රීඩා පිටියෙන් ඉවත්වූ අතර පන්දු යැවීමෙන් හො පන්දු රැකීමෙන් නැවත දායකත්වය ලබා නොදුන්නේය.
පන්දුවට පහරදීම සදහාද අවසන් පිතිකරු වශයෙන් පිටියට පිවිසි ඔහු අනෙක් පස සිටි ලසිත් මා○ලිග හට පිතිකරණය ලබා දීමට කියා කළේය.
ICCය මගින් නොබොදා හදුන්වා දුන් ක්‍රීඩකයෙකුගේ ආබාදයක් වෙනුවෙන් අතිරේක ක්‍රීඩකයෙකු හට පිති කරුවෙනුවෙන් දිවීමේ හැකියාව ඉවත් කළ අතර, මෙම නීතිය ඉන්දියානු තරගයේදී ප්‍රභල වෙනසක් කිරීමට සමත් වූ බව මහෙලගේ මතය විය.
"ICC ය මෙවැනි දෑ නැවත සාකච්චා කළ යුතුයි, ක්‍රීඩා කරන අතරතුර සැබැවින්ම ක්‍රීඩකයෙකු අබාදයකට ලක්වීම නිසා ඔහුට අතිරේක දුවන්නෙකු ලබා ගැනීමට නොහැකිවීම අසාධාරනයි. මෙය සාමාන්‍ය දැනුම ඇති ඕනේම කෙනෙක් තේරුම් ගන්නා ප්‍රශ්නයක්" මහේල ඉතා ආවේගයෙන් ප්‍රකාශකර සිටියේය.
"බොහො අය කෙන්ඩ පෙරලීම් හා විජලනය නිසා දුවන්නෙකු භාවිත කරනවා, නමුත් අද සිදුවූ සිදුවීම වැනි සිදුවීම් සුවිශේෂ අවස්ථා ලෙස සැලකිය යුතුයි." තවද අදහස් දකවමින් කිය සිටියේය.
නුවන් කුලසේකර හට තරගාවලියේ ඉදිරි තරග අවිනිශ්චිත තත්වයක් උද්ගතවී ඇති අතර. ඉන්දීය තරගයේදී යම් හෙයකින් සුපුරුදු පිතිකරණ ස්ථානයේ පිතිකරණයේ යෙදුනේනම් තිසර පෙරේරා හා එක්ව තරගයට සාර්ථක අවසානයක් ලබාදීමේ හැකියාව ඔහුට තිබූ බව කිව මනාය.




