ඉන්දීය කණ්ඩායමේ සාර්ථක අරම්භයට තිත තබමින් ඉතා දරුණු අඩියක ඇද දැමීමට තිසර පෙරේරා නැවතත් සමත් විය. ඉසුරු උදානගේ ප්‍රථම පන්දුවාරයෙන් ලඛුණු 16ක් උදුරාගත් ඉන්දීය ආරම්භක පිතිකරුවන් ශ්‍රී ලකා කණ්ඩායම දැඩි අභියෝගයකට ලක් කරමින් ලසිත් මාලින්ගගේ ප්‍රථම පන්දු වාර දෙක සදහා ලකුණු 15ක් ලබා ගැනීමට ඉන්දීය ආරම්භක පිතිකරුවන් ඉතා ආක්‍රමණ ශීලී පිතිකරණයකට අවතීර්ණ වීම වලක්වාලමින් තිසර පෙරෙරා හතරවන වන්දුවාරයේ දී ශෙවාග් දාවලීමට සමත් විය.
එම පන්දු වාරය නිලකුණු පන්දුවාරයක් ලෙස අවසන් කල තිසර ඉන් පසු ඕවරයේදී කෝලී දවාලමින් ශ්‍රී ලකාවට මහත් අස්වැසිල්ලක් ලබා දුනි. ඇන්ජලො මැට්තිව්ස් ලසිත් මාලින්ගගේ පන්දු යැවීමේ අන්තයෙන් පන්දු කරනය ආරම්භ කොට රොහිත් ශර්මා දවාගත් අතර, තිසර නැවතත් තෙවෙනි කඩුල්ල ලෙස සුරේෂ් රයිනා දවාලමින් ඉන්දියාවේ කොදු නාරටිය බිද දැමීමට සමත් වූයේ පන්දු ඕවර 3ක් නිලකුණු පන්දුවාර ලෙස අවසන් කරමිනි.
දෝනී හා ගම්භීර් අතර ගොඩ නැගෙමින් තිබූ සම්බන්ධතාවය වැඩි දියුණු වීම වැලැක්වීමට මැතිව්ස් සමත් වූ අතර දොනී ගේ කඩුල්ල දවාලමින් ඉන්දියානු කණ්ඩායමේ අවසන් තුරුම්පුවද අත්පත් කර ගැනීමට සමත් විය.
ගව්තම් ගාම්භීර් එක් අන්තයක තනි කරමින් අනෙක් අන්තයේ පිතිකරුවන් එකින් එක ඩැහැගත් ශ්‍රී ලකා පන්දු යවන්නන් ඉන්දීය ඉනිම ලකුණු 138කට සීමා කිරීමට සමත් විය. එහිදී ගාම්භීර් ලකුණු 65ක් ලබාගත් අතර අවසන් කඩුල්ල දක්වා ර්‍අදී සිටීමට සමත් විය.
ඉන්දු ශ්‍රී ලකා එක්දින තරග ඉතිහාසයේ ඉන්දියාව ලබාගත් අවම ලකුණු ප්‍රමාණ අතර මෙම 138 ලකුණු ප්‍රමාණය දහවන ස්ථානය හිමිකරගෙන සිටින අතර, ශ්‍රී ලකාව තුළ පැවති තරගවලදී තෙවෙනි අවම ලකුණු පරමාණය ලෙස සැලකිය හැකිය. එසේම 2005 වසරෙන් පසුව මෙසේ අවම ලකුණු ප්‍රමාණයකට දැවී යෑමද සුවිශේෂ සිදුවීමක් වේ.
ලකුණු පුවරුව.
ගම්භිර් 65, සෙහ්වාග් 15, කොහ්ලි 1, ශර්මා 0, රඉන 1, දෝනි 11, පතාන් 6, අශ්වින් 21, සාහිර් ඛන් 2, ප්‍රවීන් ඔජහ් 5, යාදව් 0*, ලසිත් මාලින්ග 2/36, ඉසුරු උදන 0/42, තිසර පෙරෙරා 3/19, ඇන්ජලො මැතෙව්ස් 3/14, රන්ගන හේරත් 1/21
ඩිල්ශාන්ගේ හා උපුල් තරoගගේ අති විශිෂ්ඨ පිති හරඹය ඉන්දියානුවන්ගෙන් ලැබුණ පහසු ඉලක්කය ඉතා පහසුවෙන් පසු කිරීමට ඉවහල් විය.
ඩිල්ශාන් ලකුණු 50ක් ලබා සිටියදී අපරික්ෂාකාරී ලෙස දැවී ගියද තරoග ලකුණු 59ක් නොදැවී ලබා ගනිමින් තරගය අවසන් කිරීමට සමත් විය.
Copyright © 2012 Cricturf






