25, July 2002 (Cricturf) : තිසර පෙරේරා පසුගිය IPL තරඟාවලියේ 650,000කට අලෙවි වුවත් ඔහුට ක්‍රීඩා කිරීමට ලැබුනේ තරග දෙකකට පමණි . ඒ Mumbai Indians කණ්ඩායමට ඔහුගේ නොතේරුනු නිසා විය හැක.එහෙත් පසුගිය මාස 6 සිට ඔහු රට වෙනුවෙන් කරන මෙහෙය මිල කල නොහැක . අපේ සිංහ කොල්ලන් අපට දහස වටි. ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ,රටට ඇති ආදරය නිසාය, සල්ලි වලට මිලදී ගත නොහැකි දක්ෂතාවන් ඔවුන් තම රට වෙනුවෙන් ප්‍රදර්ශනය කරන්නේ ඒ නිසාය. ඔවුන් සල්ලි මත්තේ නැහෙන්නේ නැත.
දැන් Mumbai India කණ්ඩායම ලතවෙනවා වෙන්න පුලුවනි. තිසර යනු තවදුරටත් මුදලට මිලදී ගෙන බන්කුවේ ඉදවා තැබිය හැකි ක්‍රීඩකයෙකු නොවන බව ඔහු ඔනාවටත් වඩා ඔප්පු කර ඇත.

(Picture Source : Iplt20.com)
නමුත්, තිසර IPL කාලය තුල තමන්ට උපරිමය ලබාගැනීමට සමත් විය. ඊයේ ඔහු තම දකුණු අප්‍රිකානු හිටපු වේග පන්දු යවන ෂොන් පොලොක් ගෙන් ලැබුනු උපදෙස් අනුගමනය කර එය පුහුණු වීම තුලින් සාර්ථකත්වය ලබාගත් බව මාද්‍යයට ප්‍රකාශ කිරීම මීට හොඳම උදාහරණයයි.
නායක මහේල සහ තිසර පැවසූ අන්දමට, පොලොක් IPL තරගාවලියා පුරාවට තිසරට වේග පන්දු යවන උපදෙස් දී ඇති අතර, තිසර එයට අනුකූලව තම පුහුනුවීම් වැඩිදියුනු කර ගැනීමට සමත් වී ඇත. තමාට ලැබෙන උපදෙස් තුලින් තම දියුනුව කරා යාම කෙනෙකුගේ දියුනුවේ පලමු ලක්ෂනයයි. තිසරට පැහැදිලි අනාගතයක් ඇති බවට මෙවැනි දෑ තුලුන් අප සැමට පැහැදිලි වේ.
![]()
© Cricturf | Iranda Tharaka




