• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Wednesday, 25 July 2012 20:14 GMT නව ප්‍රවෘත්ති.

ගමට බැඩ්මින්ටන් ගෙන යාමට නව සැළසුම් සැකසෙයි.

Tweet
Google

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනාගත හැකි ක්‍රීඩාවක් වශයෙන් ඉදිරියෙන් සිටින බැඩ්මින්ටන් ක්‍රීඩාව නගරයේ ප්‍රධාන පාසල්වල ජනප්‍රිය ක්‍රීඩාවක් වුවත්, එය ග්‍රාමීය වශයෙන් ව්‍යාප්ත වී නොමැති බැවින්, බැඩ්මින්ටන් ක්‍රීඩාව ගමට ගෙන යාමට නම් පළාත් සංගම්වලින් ඉවත්වී බැඩ්මින්ටන් ක්‍රීඩාව දිස්ත්‍රික් මට්ටම දක්වා ව්‍යාප්ත කරන්නැයි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිළධාරීන්ට ඊයේ (24) දිනයේ දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි .


බැඩ්මින්ටන් ක්‍රීඩාවේ වර්තමානයේ ඇති වී තිබෙන අර්බුධකාරී තත්ත්වයන් පිළිබඳ සොයා බැලීම සඳහා ඊයේ (24) දින පෙවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ක්‍රීඩා ඇමතිවරයා හා බැඩ්මින්ටන් සංගමය අතර විශේෂ සාකච්ඡාවක් පැවැති අතර, එහිදි බැඩ්මින්ටන් ක්‍රීඩාවේ වර්තමානයේ පවතින ගැටලු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් අදාළ ගැටලු නිරාකරණය කිරීමට අවශ්‍ය උපදෙස් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලබාදුන් බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.


බැඩ්මින්ටන් ක්‍රීඩාවේ තේරීම් තරඟ පැවැත්වීමේ දී සංගමය විසින් සිදු කරන අඩුපාඩු පිළිබඳව අවධානය යොමු කළ ක්‍රීඩා අමාත්‍යවරයා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සාධාරණ ලෙස ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීමට සංගමයේ මූලික වගකීමක් බව මෙහිදී අවධාරණය කර තිබේ. අ.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පවතින කාලයේදී පුහුණු තරඟ හෝ තේරීම් තරඟ පැවැත්වීම සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් විය හැකි බැවින්, එවැනි විභාග දිනයන්වල තරඟ නොපැවැත්වීමට වග බලා ගන්නා ලෙසද බැඩ්මින්ටන් සංගමයට දැනුම් දුන් බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.


ක්‍රීඩාවේ විනය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසද දැනුම් දුන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා බැඩ්මින්ටන් සංගමයට දැනුම් දී ඇති අතර, තේරීම් තරඟ වලදී අනවශ්‍ය ලෙස බැඩ්මින්ටන් ක්‍රීඩාවට බලපෑම් කරන දෙමව්පියන් හා ක්‍රීඩකයින් පිළිබඳ ඉදිරියේදී දැඩි විනය ක්‍රියාමාර්ගයක් ගන්නැයි ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයට දැනුම් දී ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

 

මාධ්‍ය නිවේදනය

 


ගමට බැඩ්මින්ටන් ගෙන යාමට නව සැළසුම් සැකසෙයි.
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් on 24 May 2013

Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

සේරම් හා ලොකුහෙට්ටිගේ මුවර් කණ්ඩායම පෙරමුණට ගෙන එයි on 07 April 2013

අපරාජිත ශ්‍රී ලංකාව ආසියාවේ සුපිරි කණ්ඩායම් 5 අතරට on 06 April 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?