• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by Water Boy On Wednesday, 01 August 2012 18:23 GMT නව ප්‍රවෘත්ති.

පරාජයවුවත් රටක් ජයගත් නිලූක කරුණාරත්න

Tweet
Google

නිලූක කරුණාරත්න මින් මාස කිහිපයකට පෙර මෙම නම නොයෙක්වර අසන්නට ලැබුණත් මොහු කවරෙක්ද යන්න දැන සිටියේ ඉතා අතලොස්සක් වූ පිරිසකි. මන්ද යත් මොහු සහභාගීවන ඉසව්ව හවසට කාන්සිය නිවා ගැනීමට පමණක් භාවිතාවන ක්‍රීඩවක් ලෙස ප්‍රචලිත වුවත් ශ්‍රී ලoකා නාමය ලොවට ගෙනයා හැකි ක්‍රීඩාවක් ලෙස ජනතාව අතර ප්‍රචලිතව නොතිබූ නිසාවෙනි.

අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් ලoකා බැඩ්මින්ටන් ක්‍රීඩාවට හදුන්වාදුන් මෙම ක්‍රීඩකයා වයස අවුරුදු අටෙන් බැඩ්මින්ටන් ක්‍රීඩාවට අවතීර්ණ වී ඇත. එසේම 2001 වසරේදී ජ්‍යේශ්ඨ ජාතික ශූරතාවලිය ජයගත් ඔහු ශ්‍රී ලoකාවේ ලබාලතම බැට්මින්ටන් කේවල ජාතික ශූරයාවිය. එදා මෙදා තුර දහවතාවක් එකදිගට කේවල අශයේ ජාතික ශූරයාවෙමින් වාර්ථා තබා ඇත. සිව් වතාවක යුගල අශයේ ජාතික ශූරයා වූ නිලූක තුන් වතාවක් මිශ්‍ර යුගල අශයේ ශූරතාවය ලබා ඇත.

2006 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගවලියේදී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ඔහු එදා මෙදා තුර බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් ලබාගත් ඉහළම ජයග්‍රහණය වාර්ථා කලේය.

වර්ථමානයේ ලෝක ශේණිගත කිරීම් අතර 48වෙනි ස්ථානයේ පසුවන නිලූක තම ක්‍රීඩා දිවියේ මසලකුණු අලුත් කරමින් සාර්ථක ගමනක යෙදෙන දක්ශයෙකු බව වාර්ථා හා ලොක ශ්‍රේණිගත කිරීම් අතර ඉහළට පැමිණීම මගින් දැක ගත හැකිය.


Niluka's Ranking progress



නිලූක 2012 ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබුවේ ලොතරැයියකින්වත් බලපුළුවන් කාරකමින්වත් නොවේ, සාමාන්‍ය පවුලක ක්‍රීඩකයෙකු වූ ඔහු ඔහුගේ දක්ශතාවයෙන් සුදුසුකම් ලබාගත්තේය. ඔලිම්පික් කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමේදීද ඔහුට විරුද්ධව නොයෙක් බාධක පැමිණ ඇති අතර ඔහුගේම සහායිකාවක් නායකත්වය උදුරාගැනීමේ සටනක නිරතවී ඇත.

ඔලිම්පික් තරගයට සහභාගීවූ විශ්වාසනීයම ක්‍රීඩකයෙකු වූ නිලූක සමග ඔහුගේ පුහුණු කරු මෙම තරගාවලියට සහභාගී නොවීම පුදුමයට කරුණක් විය. එම අසුන් බැඩ්මින්ටන් සගමේ ඉහළ පුටුවක නිළදරුවෙකු හා තවත් නිළධාරියෙකු නොවන කෙනෙකුගෙන් පුරවා තිබිණ. එසේනම් නිලූක ඇතුළු බැඩ්මින්ටන් කණ්ඩායම ගොස් ඇත්තේ ඔලිම්පික් බැලීමටද? ශ්‍රී ලoකාවේ ශ්‍රේණිගත කිරීම් වලින් 11වෙනි ස්ථානයේ සිටින ක්‍රීඩිකාවක් ඔලිම්පික් වරම් ගනිද්දී පුහුණු කරුවෙකු නොමැතිව නිළධාරීන් රොත්තක් ඔලිම්පික් සචාරයක නිරතවී ඇත.

නිලූක තම ඉසව්වෙන් පළමුවන තරගය ලොව අක 8 ජපන් ක්‍රීඩක කෙනිචි ටාගෝ සමග ක්‍රීඩාකර 21-18 21-16 ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය එසේම එහි විශේෂත්වය වූයේ පුහුණු කරුවෙකු නොමැතිව ක්‍රීඩා කර ජය ගැනීමයි. එම ජයග්‍රහණයෙන් පසුව ක්‍රීඩා බළධාරීන් කියා සිටියේ ඔහු කැමැත්තෙන් පුහුණු කරුවෙකු නොමැතිව සහභාගීවූ බවයි. එසේනම් ක්‍රීඩා සoවර්ධන ඒකකයක් හො ක්‍රීඩා අමාත්‍යශයක් තිබීමේ අවශ්‍යතාවයක් නොමැත මන්ද යත් ක්‍රීඩකයන්ට අවශ්‍ය අකාරයෙන් ක්‍රියා කිරීමේ වපසරියක් නිර්මාණයවී ඇත.

නිලූක අද (01) දින අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමේ තරගයට සහභාගී විය එහිදී ඔහුහට තරග කිරීමට සිදුවූයේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල 21වෙනි ස්ථානයේ පසුවන ඉන්දීය ක්‍රීඩක පරුප්පල්ලි කශ්යප් ක්‍රීඩකයා සමගිනි. එහිදී ප්‍රභල තරගයක් ලබාදුන් නිලූක අවසානයේ පරාජයට පත්විය. එහිදී කැපී පෙනුණු සාධකයක් වූවේ එක් තරගවටයක් ජය ගැනීමට සමත්වුවද තරගය සැලසුම් සහගතව තරග නොකල බවයි, ප්‍රතිවාදී ඉන්දීය ක්‍රීඩකයාගේ දෘවල ස්ථාන හදුනාගැනීමට හෝ තමන්ගේ දෘවල ස්ථාන හදුන්වා දීමට ඔහුළග සිටියේ තුවාය හා වතුර බෝතලේ ළo කිරීමට දන්නා සoචාරකයින් දෙදෙනෙකි.

පුහුණුකරුවෙකු නොමැතිව තරග කොට මෙවන් ඉතා සුළු මොහොතකින් තීරණ වෙනස් වන තරග ජයගත නොහැකි බව අපේ පරිපාලකයන්හට නොතේරීම අරුමයක් නොවේ. පරිපාලක පුටුවල සිටින සම"හරක්" ක්‍රීඩා පිටියක තණකොල ගහක් පාගා නැති පිරිසක් වීම මේ පරිහාණියට හේතු භූත වී ඇත.

තරගකරුවන් හත් දෙනෙක් සහභාගීවූ තරගාවලිය සදහා නිළදරුවන් 30කට ආසන්න පිරිසක් සහභාගීවූ බව සදහන් ව ඇති නමුත් ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් හට තම පුහුණුකරුවන් එක් කරගැනීමට හැකියාවක් නොලැබී ඇත.

අවසානයේ අපට කීමට ඇත්තේ එක දෙයකි, නිලූක අද තරගයෙන් ඔබ පරාජය වූවාට දුක් නොවන්න. ඔබ මුළු රටේම හදවත් තුළට ඇතුල්වී හමාරය. ඔබට අහිමිවූවේ තරගයක් පමණි ඔබ මුළු රටක් දිනා ඉතා අතලොස්සක් වූ පිරිසකට කණේ පහරක් ගැසීමට සමත් විය. ඔබට අද සුදුවූ දෙය හෙට තවත් ක්‍රීඩකයෙකුට නොවේවා කියා අප පතමු.



- වතුර කොළුවා

 

 





පරාජයවුවත් රටක් ජයගත් නිලූක කරුණාරත්න
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
පොලිස් පරික්ෂණවලට පෙර අසාද් රවුෆ් ඉන්දියාවෙන් පිටවෙයි. on 24 May 2013

චෙන්නායි සුපර් කිංස් ප්‍රධාන විධායක ගුරුනාත් මෙයියප්පන් පොලීස් අත් අඩංගුවට on 24 May 2013

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් on 24 May 2013

Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

පළමු පෙළ රග්බි පිටියට හම්බන්තොටින් ශාක්ස් කණ්ඩායම on 15 May 2013

උතුරුට, නැෙගනහිරට තණතිලි - ක්‍රීඩිකාවන්ට වාර්ශික ෙකාන්ත්‍රාත් on 09 May 2013

සමස්ථ ක්‍රිකට් ලෝකයටම නින්දා කරමින් ශිවරාමක්‍රිෂ්ණන් ක්‍රිකට් කමිටුවට on 06 May 2013

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම සදහාද විදෙස් ක්‍රීඩකයන් on 26 April 2013

ලන්ඩන් මැරතන් තරගයෙන් ශ්‍රී ලංකාවේ ඉන්ද්‍රජිත් කුරේ 14වැනි ස්ථානයට on 21 April 2013

කෞෂාල් සිල්වාගේ අනගි පිතිහරඹය එස්.එස්.සී පිළට ලීග් ශූරතාවය ලබාදෙයි on 08 April 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?