ලන්ඩන් ඔලිම්පික් උළෙලට ශ්‍රි ලංකාවෙන් ගිය 30 න් 23 ක්ම නිළධාරීන් බවට මාධ්‍ය නැඟූ චෝදනාව අසත්‍යයක්.......
ලන්ඩන් නුවර පැවැත්වෙන 30 වන ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිළධාරීන් 23 දෙදෙනෙකු සහභාගී වී ඇති බවට පසුගිය සතියේ ජනමාධ්‍ය විසින් පළකල වාර්තා අසත්‍ය යැයි ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩකයින් සහභාගී කිරීමේ වගකීම ජාතික ඔලිම්පික් කමිටුව පැවරී ඇති අතර, ලන්ඩන් ඔලිම්පික් උළෙල සඳහා ක්‍රීඩකයින් හා නිළධාරීන් සහභාගී කරවීම සම්බන්ධව ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ අත්සනින් 2012.07.11 දින NOC/3/56 දරණ ලිපිය මඟින් ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් අනුමැතිය ලබාගෙන ඇත්තේ, පහත නම් සඳහන් ක්‍රීඩකයින් 7 දෙනෙකු හා නිළධාරීන් 09 දෙනෙකුට පමණක් බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.
ක්‍රීඩකයින්
1.අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ - මලල ක්‍රීඩා
2.ක්‍රිස්ටීන් සොනාලි - මලල ක්‍රීඩා
3.නිලූක කරුණාරත්න - බැඩ්මින්ටන්
4.තිළිණි ජයසිංහ - බැඩ්මින්ටන්
5.හේෂාන් උනම්බුවේ - පිහිනුම්
6.රසිකා උඩුගම්පොල - පිහිනුම්
7.මංගල සමරකෝන් - වෙඩි තැබීම්
කණ්ඩායම් නිළධාරීන්
1.දේවා හෙන්රි මහතා - කණ්ඩායම් භාරකරු
2.නිශාන්ත පියසේන මහතා - පාලන සහකාර
3.රොහාන් ද සිල්වා මහතා - කණ්ඩායම් කළමණාකරු
4.රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා - කණ්ඩායම් කළමණාකරු
5.සමන්ත වික්‍රමසිංහ මහතා - කණ්ඩායම් කළමණාකරු
ජාතික ඔලිම්පික් කමිටුවේ නිළධාරීන්
1.හේමසිරි ප්‍රනාන්දු මහතා - සභාපති, ජාතික ඔලිම්පික් කමිටුව
2.මැක්ස්වෙල්ද සිල්වා මහතා - ලේකම්, ජාතික ඔලිම්පික් කමිටුව
30 වන ඔලිම්පික් උළෙල නියෝජනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය නියෝජනය කරමින් සහභාගී වී ඇත්තේ, ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය හා ජාතික ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා යන අය පමණක් බැවින්, ක්‍රීඩකයින් 07 දෙනෙකු නියෝජනය කිරීමට නිළධාරීන් 23 දෙනෙකු සහභාගී වූ බවට ජනමාධ්‍යයන් විසින් පළ කළ වාර්තා අසත්‍ය බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.
- මාධ්‍ය ලේකම් - ක්‍රීඩා අමාත්‍යාංශය-




