(8th August 2012) : නිලූකට ඔලිම්පික් යෑමට ක්‍රීඩා ඇමතිවරයා ලබාදුන් පුහුණුකරු වෙනුවට ඔහු රැගෙන ගියේ McLarens ආයතනයේ වෙළඳ අනුග්‍රහක රොහාන් ද සිල්වායි.
30 වන ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න ක්‍රීඩකයාට පුහුණුකරුවෙකු ලන්ඩන් ක්‍රීඩා උලෙළට රැගෙන යන ලෙස ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා උපදෙස් ලබා දුන් නමුත්, නිලූක පුහුණුකරු වෙනුවට සිය වෙළඳ අනුග්‍රහකයා වන McLarens ආයතනයේ රොහාන් ද සිල්වා මහතාට එම අවස්ථාව ලබා දී ඔලිම්පික් රැගෙන ගොස් ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඔලිම්පික් පරිසාදන මට්ටමට නිලූක කරුණාරත්න ක්‍රීඩකයා ළඟා වීමෙන් පසු ඔහුගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කොට ජයග්‍රාහී මාවතකට ප්‍රවේශ කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි ක්‍රීඩා අමාත්‍යාංශය සෑම අනුග්‍රහයක්ම ලබා දිමට පියවර ගත් අතර, බැඩ්මින්ටන් සංගමයේ ඉල්ලීම පරිදි නිලූක කරුණාරත්න ක්‍රීඩකයාට ලෝකයේ අංක 01 සිටින බැඩ්මින්ටන් පුහුණුකරුවෙකු වන කින් යන්ග් මෑන් මහතාගේ සේවය ලබා දීමටද කටයුතු කරමින්, ඒ සඳහා රු.දස ලක්ෂයක මුදලක් ක්‍රීඩා අමාත්‍යාංශය වැය කළ බව අවධාරණය කරයි.
ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ඉන්දියානු ක්‍රීඩක කාශ්‍යයප් සමඟ පැවති තරඟයේදී නිලූක පරාජය වීමෙන් පසු මාධ්‍යයන් වෙත අදහස් දක්වමින් තමාගේ පහුණුකරු සිටියා නම් මීටවඩා ආත්ම විශ්වාසයෙන් තරඟ වැදීමට තමාට හැකි වනු ඇතැයි ප්‍රකාශ කර ඇති නමුත්, ඒ වන විටත් නිලූකට ලබාදුන් පෝලන්තයේ කින් යන්ග් මෑන් පුහුණුකරු ඔහු සමඟ ලන්ඩන් ඔලිම්පික් උළෙලේ රැඳී සිටිමින් ඔහුට අවශ්‍ය උපදෙස් හා මඟ පෙන්වීම ලබා දීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති පරාක්‍රම බස්නායක මහතා අවධාරණය කළ බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.
ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සිය පුහුණුකරු රැගෙන යෑම නිලූක ප්‍රතික්ෂේප කළත්, ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම මත ප්‍රවීණ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු වශයෙන් කටයුතු කර ඇති නිලූකගේ පියා වන ලුවී කරුණාරත්න මහතා සහයක පුහුණුකරු ලෙස රැගෙන යාමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවශ්‍ය කටයුතු සලසා දුන් බවද ක්‍රීඩා අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.
- ක්‍රීඩා අමාත්‍යාංශය -
සැ.යු : මෙය අපට ක්‍රීඩා අමාත්‍යාංශය වෙතින් එවන ලද නිවේදනයකි




