• Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
    • Overthrow
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports
  • Champions Trophy 2013
    • Schedule/Table
      • Warm Up

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

Submitted by CricTurf On Wednesday, 19 September 2012 11:53 GMT නව ප්‍රවෘත්ති.

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මඟ පිළිබඳ මහේලගේ අදහස්

Tweet
Google

ඊයේ හම්බන්තොටදී සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති 20 ලෝක කුසලානයේ සමාරම්භක තරඟය ජයග්‍රහනයෙන් අනතුරුව පැවති මාධ්‍යය හමුවේදී ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන කණ්ඩායමේ ඉදිරිය පිළිබඳව අදහස් දැක්වීය.

1) අද දිනයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පරිපූර්ණ ලෙසම ජයග්‍රහණය කළා, තරඟාවලියේ ඉදිරිය පිළිබඳව සිතීමේදී ඔබ සෑහීමකට පත්වෙනවාද? තම රටේදී පවත්වන තරඟාවලිය ජයගැනීමට හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකාවට තිබෙනවා. ඔබට එය කොහොමද දැනෙන්නේ ?

මහේල : අපට මෙය පහසු තරඟයක් වුනේ නැහැ. ලකුණු සටහන දෙස බැලූවිට නම් පහසු ජයග්‍රහනයක් ලෙස ඔබට පෙනේවි. නමුත් සිම්බාබ්වේ වැනි කණ්ඩායමකට ඔවුන්ගේ දිනයේදී ඕනම කණ්ඩායමක් පුදුම කිරීමට පුළුවන්. තණතීරුව පිළිබඳව කිසිම අදහසක් නොමැතිව අපට සිදුවුනා පළමුව පන්දුවට පහරදීමට. ලබාගතයුතු ලකුණු සංඛ්‍යයාව පිළිබඳව කිසිම අදහසක් අපට තිබුනේ නෑ. අපි තරඟයට පිවිසියේ මැදහත් සිතින්, නමුත් අපේ පිතිකරුවන් හොඳ සම්බන්ධතා ගොඩනඟමින් හොඳින් පන්දුවට පහර දුන්නා. ලකුණු 180 ක් යනු මෙම තණතීරුව මත හොඳ ලකුණු සංඛ්‍යයාවක්. ඒ වගේම පන්දුයවන්නන් ඔවුන්ගේ කාර්යයභාරය හොඳින් ඉටුකළා. මම ඒ ගැන සතුටුවනවා. තරඟාවලිය ආරම්භයේදී අප බලාපොරොත්තු වූයේද මෙවැනි ආරම්භයක්. මම දකින විදියට අප සිදුකළයුත්තේ වරකට එක් තරඟයක් ගැන පමණක් අවධානය යොමුකරමින් ඉදිරියට යාම. ප්‍රේක්ෂකයන්ට උඳුවෙන්, උද්යෝගීමත්ව බලාපොරොත්තු තබාගෙන සිටීමට පුළුවන්. නමුත් කණ්ඩායමේ ක්‍රීඩකයන් ලෙස අප කළයුත්තේ එක් වරකට පූර්ණ අවධානය එක් තරඟයක් වෙත යෙදවීමයි.

2) අජන්ත මෙන්ඩිස් පිළිබඳව හා කණ්ඩායමේ ඉදිරි දැක්ම :-

මහේල : අජන්ත අද පන්දු යැවූ ආකාරය පිළිබඳව මම ගොඩක් සතුටුවනවා. SLPL තරඟාවලියේදීත් ඔහු හොඳින් පන්දු යැවුවා. එහිදී අපට පෙනුනාඅ ඔහු හොඳ රිදිමයක, යෝග්‍යයතාවයක සිටින බව. මේ මාස 8කට 9කට පමන පසු ඔහු ක්‍රීඩාකළ පළමු ජාත්ය්‍යන්තර තරඟය. තරඟයට පෙර ඔහු ඉතාමත් සතුටින්, නමුත් මදක් චකිතයකින් ද තමයි සිටියේ. කෙසේ වුවත් ඔහු තරඟයේදී ඉතාමත් හොඳින් පන්දු යැවුවා. කණ්ඩායම විදියට අපි බලාපොරොත්තුවෙන්නේ තරඟාවලිය තුල උපරිම දුරම යන්න. කණ්ඩායම සමබරයි ඒවගේම දක්ෂයි. අපට කිරීමට තිබෙන්නේ හොඳින් අවධානය යොමුකොට සෑමදෙනාම නිවරදි මාවතේ ගමන් කරනබවට වගබලාගැනීමයි.

3) ජීවන් මෙන්ඩිස් පිතිකරු ලැයිස්තුවේ ඉහළින් පැමිණීම පිළිබඳ මහේලගේ අදහස  :-

මහේල : අපි දැන සිටියා පිට දඟ පන්දු යවන්නන්ගේ පන්දු වාර අවසන් බව. ඒ වගේම ජීවන් දඟ පන්දු යවන්නන්ට හොඳින් පහර දිය හැකි පිතිකරුවෙක්. ඒ අවස්ථාවේ පන්දු යවමින් සිටියේ පාදඟ පන්දු යවන්නා. අපි කැමති වුනේ නෑ ලකුණු වේගය ඉහළදැමීමට සංගක්කාර අවදානම්ක් ගන්නවාට. සංගා කියන්නේ ඉනිම පුරාවට ක්‍රීඩා කරමින් ඉනිම ආරක්ෂාකළයුතු ක්‍රීඩකයා. එබැවින් අපි ජීවන්ව ඉහළින් එවීමට සිතුවා. හොඳ ආරම්භයක් ලබාගෙන එය දිගටම පවත්වා ගනිමින් ඔහු තම කාර්යයභාරය හොඳින් ඉටුකළා. ඔහු නිසා සංගාට අවධානම් පහරවල් වලට නොයා හොඳ සම්බන්න්ධතාවක් ගොඩනැඟීමට අවස්ථාව ලැබුණා. ඔහු ක්‍රියාශීලී පිතිකරුවෙක්. හොඳ පන්දු යවන්නෙක් වගේම හොඳ පන්දු රකින්නෙක්. ඔහු කණ්ඩාමට ලොකු වටිනාකමක් එක්කරනවා.

4) මාධ්‍යය අවධානය යොමුවූ එක් වැදගත් කරුණක් වන්නේ තරඟයට පැමිණි අඩු ප්‍රේක්ෂක සංඛ්‍යයාවයි. විශේෂයෙන්ම සත්කාරක රට ක්‍රීඩාකරන, තරඟාවලියේ සමාරම්ඹ්හක තරඟය වීම නිසා. :-


මහේල : මට කියන්න පුළුවන් එකම දේ මෙය සතියේ දිනයක් නිසා ජනතාව කාර්යයබහුල බව පමණයි. නමුත් මම හිතනවා සෙනසුරාදා පැවැත්වෙන තරඟයට හොඳ ප්‍රේක්ෂක සහභාගීත්වයක් තිබෙයි කියලා. එය ගොඩක් වැදගත් තරඟයක්. අපි හිතනවා ඒ සහයෝගය අපට ලැබෙයි කියලා.

5) අද තරඟයේදී දිල්ෂාන් මුණවීර ගේ දක්ෂතාවන් ගැන ඔබ මොකද සිතන්නේ ? ඔහුව ඉදිරි තරඟ සඳහා යොදාගැනීමට බලාපොරොත්තුවන්නේ කෙසේද ?

මහේල : තරුණ ක්‍රීඩකයෙකුට එය ලේසි නැහැ. තමන්ගේ පළමු තරඟය ලෝක කුසලානයක පළමු තරඟය වීමෙන් ඔහුට යම් චකිතයක් ඇති වෙන්න ඇති. නමුත් අපි හිතුවේ ඒ චකිත මඟ හැරවා ගැනීමට සිම්බාබ්වේ වැනෙ තරඟයක් උපකාරීවෙයි කියලා. මම හිතන්නේ ඔහු හොඳින් ක්‍රීඩාකලා. යම් චකිතයක් තිබුනා ඒ වගේම ඕනවට වඩා උත්සාහ කළා. නමුත් සිදුවූ අඩු පාඩු ඔහුට පෙන්වා දෙන්නට අපි බලාපොරොත්තුවනවා. කෙසේ වුවත් ඔහු සමඟ ඉදිරියට යනවා. මන්ද, ඔහු දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්. ඔහුගේ ස්වභාවික ක්‍රීඩා විලාශයෙන් අපට තරඟ කිහිපයක් දිනවා දිය හැකි ක්‍රීඩකයෙක්. අපි ඔහුව යොදවා ගන්නවා. මම පෙර සඳහන් කළ ලෙස, අපිට සමබර සංචිතයක් සිටිනවා. ප්‍රතිවාදී කණ්ඩායම, තණතීරු හා තත්වයන් සලකා බලා කණ්ඩායමේ ක්‍රීඩකයන් 11 තේරීමට අපි බලාපොරොත්තුවනවා.

6) කණ්ඩායමේ සංයුතිය මෙවැනි වැදගත් තරඟාවලි වලදී විශාල සාධකයක්. අද අජන්ත මෙන්ඩිස්ගේ දක්ෂතාව ඉදිරි තරඟ සඳහා කණ්ඩායමේ සංයුතිය සැකසීමේදී බලපෑමක් එල්ලකරාවිද ?


මහේල : රංගන හේරත් හොඳින් පන්දු යවමින් සිටිනවා. ඒ වගේම අකිල ධනංජයත් හොඳින් පන්දුයවනවා. මේ තරඟාවලියේ පළමු තරඟය නිසා තණතීරු පිළිබන්න්ධව ඇති අවබෝධය අඩු නිසා අපි වැඩිපුර පිතිකරිවෙකු අද තරඟයට යෙදෙව්වා. අපේ සැලැස්ම වුනේ ලොකු ලකුණු සංඛ්‍යයාවක් රැස්කිරීමයි. නමුත් ඉදිරි තරඟ වලදී තණතීරුව ගැන සළකාබලා, විශේෂයෙන්ම දකුණු අප්‍රිකාව සමඟ තරඟයේදී කණ්ඩායමේ සංයුතියේ වෙනසක් කිරීමට අපි බලාපොරොත්තුවනවා. අපට එය කිරීමේ නිදහස තිබෙනවා මොකද කණ්ඩායම තුළ තුන් ඉරියව් ක්‍රීඩකයන් 3 දෙනෙකුම සිටින නිසා. පුහුණු සැසි කිහිපයකින් අනතුරුව තණතීරු පිළිබඳව හොඳ අදහසක් ලබාගෙන අපි බලාපොරොත්තුවනවා මීළඟ තරඟ සැලැස්ම පිළිබඳව සාකච්ඡා කිරීමට. ක්‍රීඩකයන් තේරීම අපිටත් අපහසුයි. සියලු දෙනාම දක්ෂතා අතර සිටිනවා. මෙය හොඳ ප්‍රවනතාවක්. නායකයෙක් විදියට මම සතුටුවනවා මේවගේ අපහසුතා ගැන.

7)තණතීරුව හා සුලඟ පිළිබඳව මහෙලගේ අදහස් :-


මහේල : සුළඟ නම් එච්චර තිබ්බෙ නැහැ රෑ සෙල්ලම් කරපු නිසා. තණතීරුව වෙනදට වඩා හොඳයි. පන්දුව හොඳට පිත්තට ආවා.

8) තරඟයේදී තම පන්දුවාර 4 යැවීමෙන් අනතුරුව අජන්ත ක්‍රීඩාගාරය වෙත යාමට හේතුව :-

මහේල : ඔහු ක්‍රීඩාපිටියෙන් ඉවත්වුනේ ඔහුගේ ඇලපතේ යම් වේදනාවක් නිසා. අපි හිතුවා ඔහු විවේකාගායට ගොස් යම් විවේකයක් ගෙන, අයිස් ප්‍රතිකාරයක් ගැනීම හොඳයි කියා. බරපතළ ආබාධයක් නොවේ. ඔහු තම පන්දුවාර 4 අවසන්කර සිටියේ. එබැවින් මම හිතුවා තවදුරටත් ක්‍රීඩාපිටියේ රැඳී සිටීමේ අවශ්යයතාවක් නැති නිසා, ප්‍රතිකාරයක් ගැනීම වඩා සුදුසුයි කියා.

මෙයට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම අතින් ඊයේ සිදුවූ අඩුපාඩු මඟහරවා ගැනීමට කඩුළු අතර දිවීම පිළිබඳව හා පන්දු රැකීම පිළිබඳව අවධානය යොමුකළයුතු බව මහේල පවසුවා.


© 2012 Cricturf

 

 


ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන්මඟ පිළිබඳ මහේලගේ අදහස්
Tweet
Website Design Brisbane



RED BULL CAMPUS WORLD FINALS

Get Sinhala

Related නව ප්‍රවෘත්ති.
ශ්‍රී ලංකාව 2007 සිට පැවති ICCතරගාවලි අතුරින් 6වැනි වරටත් අවසන් පූර්ව වටයට on 17 June 2013

පාසල් රග්බි තරගාවලිය නැවැත්වීමේ අවධානමක් on 08 June 2013

ධර්මරාජ විදුහලට කිරුළ අහිමි කිරීමේ කැරැල්ලක් on 03 June 2013

ඉසිපතන - රාජකීය තරගය ජයපැරදුමෙන් තොරබවට තීරණය වෙයි. on 03 June 2013

රග්බි විනිසුරු ප්‍රදීප් ප්‍රනාන්දුට වසරක තරග තහනමක්. on 30 May 2013

තරග පාවාදුන් තවත් ක්‍රීඩකයන් හෙළිවෙයි, මෙයියප්පන් 29දා තෙක් පොලිස් භාරයේ on 25 May 2013

පොලිස් පරික්ෂණවලට පෙර අසාද් රවුෆ් ඉන්දියාවෙන් පිටවෙයි. on 24 May 2013

චෙන්නායි සුපර් කිංස් ප්‍රධාන විධායක ගුරුනාත් මෙයියප්පන් පොලීස් අත් අඩංගුවට on 24 May 2013

කාල්ටන් සුපර් සෙවන්ස් රග්බි වෙන්දේසිය යෝෂිතට රු. මිලියන 11ක් on 24 May 2013

Video: පන්දු යවමින් තරග පාවාදුන් ඉන්දිය ක්‍රීඩකයන් අත් අඩංගුවට on 16 May 2013

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?