ලසිත් මාලින්ගගේ ඉන්දියානු භීතිකාවක් ඇද්ද? ලොව අ○ක එකේ පන්දු යවන්නෙකු වෙමින් ප්‍රතිවාදීන් සලිත කල ලසිත් මාලින්ග ඉන්දියාවට එරෙහිව ඉතාමත් සාමාන්‍ය පන්දු යවන්නෙකු වීම පුදුම සහගත තත්වයක් බව විචාරකයන්ගේ මතයයි.
ලසිත් මාලින්ග යනු ලෝක වාර්තා විශාල ප්‍රමාණයක් ශ්‍රී ල○කාව වෙනුවෙන් වාර්තාකල පන්දු යවන්නෙකු වන අතර ඔහුගේ වාර්තා ඉන්දියාවට එරෙහිව සටහන් වී ඇත්තේ ප්‍රතිවිරුද්ධ ලෙසටයි.
පසුගිය සෙනසුරාදා (21) අවසන් වුණ ඉන්දියාවට එරෙහි ප්‍රථම තරගයේදී ලකුණු 83ක් ලබා දෙමින් කඩුල්ලක් දවා ගැනීමට අපොහොසත් වූ මාලින්ග විචාරකයන් අතර නැවත මාතෘකාවක් බවට පත් විය.
මෙම ලකුණු ලබාදීම වාර්තා පොත් අතරට මාලින්ගගේ නම නැවත එක් කිරීමට සමත් වූයේ මව්බිම තුළදී ප්‍රතිවාදීන් වෙත වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාදුන් පන්දු යවන්නා ලෙස තමන්ගේම වාර්තාව අලුත් කරමිනි.
මින් පෙර ඔහු ලකුණු 81ක් ඉන්දියාවට එරෙහිවම ආර් ප්‍රේමදාස පිටියේ 2009 දී ලබා දුන් අතර එහිදී එක් කඩුල්ලක් පමණක් ලබා ගැනීම සදහන් කල යුතුය.

මාලින්ග මින් පෙර ඕස්ට්‍රේලියාවේදී කොමොන්වෙල්ත් බෑන්ක් තරගාවලිය තුළදී ඉන්දියාවට එරෙහිව දරුණු පහරකෑමකට ලක්වුණ අතර ලකුණු 320ක් ලබා ප්‍රබල ස්ථානයක සිටි ශ්‍රී ලකා කණ්ඩායම ඉතා පහසුවෙන් පන්දු ඕවර 36 පන්දු 4ක් තුළ පරාජයට පත් කිරීම සදහා ඉඩ හසර සාදා දුන්හ. මාලින්ග මෙම තරගයේ පන්දු ඕවර 7.4ක් තුළ ලකුණු 96ක් ලබාදෙමින් එක් කඩුල්ලක් පමණක් දවාගත් අතර ආසියානු කුසලාන තරගාවලියට ඔහුව ඇතුලත් නොකර සිටීම නිසාවෙන් ඉන්දියාව හමුවූයේ පසුගිය සෙනසුරාදාය.
මාලින්ගගේ පුද්ගලික වාර්තා සැසදූ කල ඉන්දියාවට විරුද්ධව පමණක් ඔහුගේ කිසිදු ස○වර්ධනයක් පෙන්නුම් නොකිරීම විශ්මය උපදවන කරුණක්ව ඇත. මාලින්ග මේවනතෙක් ඉන්දියාවට එරෙහිව තරග 24කදී ලබාගෙන ඇත්තේ කඩුළු 26ක් පමණි. එහිදී ලකුණු 21/2 හොදම පන්දු යැවීම ලෙස වාර්ථාකර ඇති අතර එහිදී තම පන්දුවාර 10ය යවා ඇත්තේ තරග 8ක පමණි. තවද ඔහුගේ ජීව දත්ත වාර්ථාවේ ඔහුට විරුද්ධව ලකුණු 70කට වැඩ්පුර ලකුණු ලබා ගැනීම් 5ක් වාර්තාවන අතර ඉන් 4ක් වාර්තාවන්නේ ඉන්දීය ප්‍රිමිය ලීග් තරගවලට අනතුරුව වීම සුවිශේෂයි.
මාලින්ග හා IPL
මාලින්ග යනු තරගාවලියේ වටිනාම ක්‍රීඩකයෙකි, මුම්බායි කණ්ඩායමට තරග කරන ඔහුට ලකාවේ මෙන්ම ඉන්දියාවේද විශාල රසිකයන් ප්‍රමාණයක් සිටී, මාලින්ග මේවනතුරු තරගාවලි 4ක් සදහා සහභාගී වී ඇති අතර තරග 56කදී කඩුළු 83ක් දවා ඇති අතර සාමාන්‍ය අගය 16ක් රදවා ගැනීමට සමත් වී ඇත.
| |
Mat | Balls | Runs | Wkts | BBM | Ave | Econ | SR | 4w | 5w |
| 2012 | 14 | 333 | 350 | 22 | 4-16 | 15.90 | 6.30 | 15.13 | 1 | 0 |
| 2011 | 16 | 378 | 375 | 28 | 5-13 | 13.39 | 5.95 | 13.50 | 0 | 1 |
| 2010 | 13 | 294 | 344 | 15 | 4-22 | 22.93 | 7.02 | 19.60 | 1 | 0 |
| 2009 | 13 | 297 | 312 | 18 | 3-11 | 17.33 | 6.30 | 16.50 | 0 | 0 |
IPL vs මාලින්ග
මාලින්ග මුලින්ම ඉන්දියාව සමග ක්‍රීඩා කොට ඇත්තේ 2004 වර්ෂය තුළ ආර් ප්‍රේමදාස පිටියේ වන අතර ඉන් අනතුරුව අයි.පී.එල් තරගාවලියට සහභාගීවීමට පෙර තරග 10ක් ක්‍රීඩාකොට කඩුළු දහයක් පමණක් ලබාගෙන ඇත. එදා මෙදා තුර ඔහු තවත් තරග 14කදී කඩුළු ලබාගෙන ඇත්තේ 16ක් පමණි. එමගින් පෙනීයන්නේ ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවට අයි.පී.එල් මගින් වැඩි දායකත්වයක් ලබා දී නැති බවය. ඉන්දියානු ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා රටාව ඔහුගේ අවධානයට ලක්කොට නොමැති බවය.
ඉන්දියානුවන් මාලින්ගගේ පන්දු යැවීම ගෙදරට ගෙන්වා ගෙන හැදෑරීමේදී මාලින්ග ඔවුන්ගේ ඕනෑ එපාකම් පමණක් ඉටුකොට හිස් ඇතින් පැමිණ සිටී.
මහේල ගේ ප්‍රකාශය
පසුගිය තරගයෙන් අනතුරුව කණ්ඩායම් නායක මහේල ජයවර්ධන ලසිත් මාලින්ගගේ පන්දු යැවීම සම්බන්ධව මාධ්‍යවෙත අදහස් දැක්වීය.
"ඔහු ඉතා හොදින් පළමු පන්දු ඕවර 5 පන්දු යැව්වත් අවසන් පන්දු ඕවර වලදී ලකුණු ලබා ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ අවස්ථාවේ ඔහුව යොදා නොගැනීමට මට හැකියාව තිබුණත් කුලසේකරගේ අඩුව නිසා යොදා ගැනීමට සිදු වූවා."
නමුත් මහේල වැඩි දුරටත් කියා සිටියේ පවර් ප්ලේ අවස්ථාවේ මාලින්ගව යොදා නොගනිමින් අනෙක් පන්දු යවන්නන්ගෙන් එම කාර්යය ඉටු කරගත් බවයි.
මෙම සිදුවීම් පෙළින් පෙනී යන්නේ ඉන්දියානුවන් මාලින්ගගේ පන්දු යැවීමේ රටාව හා 
මානසික ක්‍රියාවලිය තේරුම් ගෙන ඇති බවය. තවත් තරග 4ක් ඉතිරිව ඇති තරගාවලියේ තමන්ගේ හැකියාව තේරුම් ගනිමින් ප්‍රතිවාදීන්ට තමන්ව පාලනය කිරීමට ඇති ඉඩකඩ හසුරුවා ගෙන පන්දු යැවීමට දැන්වත් හිතට ගැනීම මාල්න්ගට ඇති එකම අභියෝගයවේ. කණ්ඩායමේ නායකගෙන් මෙන්ම අවශේෂ ක්‍රීඩකයන්ගේද සහයෝගය ඇතිව ඉදිරි තරග සැලසුම් සහගතව ක්‍රීඩාකරමින් තමන් ඉදිරියේ ඇති කළු පැල්ලම් මකා ගැනීමට හැකිවේවා යන්න අපගේද මතයයි.
ජාතික කණ්ඩායමක සිටින තාක්කල් තමන්ට ලෝක ප්‍රජාව තුළ පිළිගැනීමක් ලබා ගත හැකිබවත් එසේම ධාරණය කරගත යුතුය.
නුවන් කුලසේකර අබාධයකට ලක්වීම නිසා තරගාවලියෙන් ඉවත් කොට ඇති අතර මේවනතෙක් සුදුසු පන්දු යවන්නෙකු නම්කිරීමට තේරීම් කමිටුවට නොහැකිවී තිබේ. පන්දු යවන බල ඇණියක් තිබෙන බව පුරසාරමට පමණක් සීමා ඇති අවධියක පන්දු යවන්නන් හට තම ස්ථානය රැක ගත හැකිව ඇත්තේ අනෙක් ක්‍රීඩකයන්ගේ අබාධ නිසාවෙන් පමණක් වීම පෙන්වා දිය හැකිය. වේග පන්දු යවන බල ඇණියේ ප්‍රධාන සෙනෙවියාගෙන් කණ්ඩායමට අවශ්‍යය පිටු වහල ලබා ගැනීමට වේග පන්දු යවන්නන්ගෙ පුහුණු කරුවන් අසමත්ව ඇත.
Photo Credit : Agency News Photographers
ඔබගේ අදහස් අපවෙත දක්වා සිටින්න




