• Champions Trophy 2013
  • Campus Criket
  • Sri Lanka Rugby
  • Profiles

Sri Lanka Cricket and Sports News | Videos | Images | Interviews | Schedules

Register
Login
  • Skip to content
  • Home
    • Members Area
    • Login
    • Members
    • test
  • News
    • SL Cricket News
    • Intrnational Cricket
    • Featured
    • Legends
    • Player Profile
    • Tags
  • Events
    • SL Domestic
  • Live
  • සිංහල
  • Gallery
    • Picture Stories
  • Video & Audio
    • Features
    • Interviews
    • Highlights
    • Special Videos
    • Press Conference
    • Behind the Scenes
  • Fun Zone
    • Online Games
    • Fun Articles
    • Cartoons
    • Doppelgangers
  • More
    • RSS
    • Poll
    • Wallpapers
    • Forum
  • Womens Cricket
  • Athletics
  • Other Sports
    • Olympic 2012
  • Football
    • DCL Football 2013
  • Rugby
    • Dialog Club Rugby
    • Schools Rugby
      • Schools Schedule
      • 2012 Season
    • Asian5Nations
  • Motor Sports

Events ► Domestic Cricket | Highlights | MOTOR SPORTS |

On Thursday, 28 July 2011 11:22 GMT Funny Stories

නන්නාඳුනන දඟ පන්දු යවන්නාගේ ආගමනය

Tweet
Google
Tags:
  • australia
  • australias tour of sri lanka
  • brad hogg
  • nathan lyon
  • shane warne
  • sri lanka
එළඹෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සඳහා, ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතය පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදි. මේ වනවිට බොහෝ ක්‍රීඩා ලෝලීන්හට මතුව ඇති ගැටලුවක්වනුයේ ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා ඇති පිට දඟ පන්දුයවන නේතන් ලියොන් ගේ තේරීමයි. තවමත් 23 හැවිරිදි ඔහු, ක්‍රීඩාකර ඇත්තේ පළමු පෙළ තරඟ 4 ක් පමණයි.

මොහු පිළිබඳව දැන ගැනීම සඳහා අප ලියොන්ගේ පුහුණුකරුවන "ඩැරන් බැරී" සම්බන්ධකර ගන්නා ලදි.

ක්‍රික්ටර්ෆ් වාර්තාකරු : වාර්තාවන ආකාරයට ලියොන්ගේ නිසඟ හැකියාවන් හඳුනා ගෙන ඔහුව "දකුණු ඕස්ට්‍රේලියානු" ප්‍රාන්ත කණ්ඩායම වෙත ගෙනවිත් ඇත්තේ ඔබයි. ඒ මතකය අවදිකළොත්.

ඩැරන් : ඔව්. මීට වසරකට පමණ පෙර ඔහු අපේ ක්‍රීඩාංගනයේ (ඇඩිලේඩ්) තණතීරු සැකසීම් අංශයට සම්බන්ධවුනා. එක් දිනක් ඔහු ක්‍රීඩාංගනයේ සැකසීම් කටයුතු වල යෙදෙමින් සිටියදී, මම ඔහුගෙන් විශිෂ්ට දඟ පන්දු යවන්නෙකුගේ ලක්ෂණ දුටුවා. ඔහු පිටියේ යාර 15 සීමාව ලකුණු කිරීමට යොදන පියනක්, විසි කිරීමේදීයි මා එය නිරීක්ෂණය කළේ.

ක්‍රි. වා. : බොහොම සිත්ගන්නා කතාවක් වගේ. ඔබ මොකක්ද දුටුව විශේෂත්වය.

ඩැරන් : ඔහු එය විසි කරපු ඉරියව්වෙන් මා, අපට සිටි විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වන "බ්‍රැඩ් හොග්" හා සමානකමක් දුටුවා.

ක්‍රි. වා. : එය සිදුවිය නොහැක්කක්. බ්‍රැඩ් හොග්, වමතින් මැනික් කටුව උපයෝගී කරගෙන පන්දු යවන්නේ. නමුත් ලියොන්, දකුණතින් ඇඟිලි උපයෝගී කරගෙන පන්දු යවන ක්‍රීඩකයෙක්නෙ ?

ඩැරන් : ඔබට එක් කරුණක් අමතක වුනා. හොග් මැණික් කටුවට අමතරව පන්දු යැවීම සඳහා "දිව" ද උපයෝගී කරගන්නවා.


ක්‍රි. වා. : එතකොට ඔබ කියන්නේ ලියොන් ද, පන්දු යැවීම සඳහා දිව උපයෝගී කරගන්නා බවයි ?

ඩැරන් : අනිවාර්යෙන්ම. ඔහු අනාගතයේ විශිෂ්ට පන්දු යවන්නෙකු වනවා නියතයි.


මීළඟට අපි සම්බන්ධ කරගත්තේ, නේතන් ලියොන් ව ;

ක්‍රි. වා. : ඩැරන් අපිට විස්තර කළා, ඔබගේ සැඟවුනු හැකියාවන් ඔහු හඳුනාගත් ආකාරය. මොනවද ඔහු මුලින්ම ඔබගෙන් ඇසුවේ ?

ලියොන් : ඒ පසුගිය වසරේදී ඇඩිලේඩ් ක්‍රීඩාංගයේ සේවයට මා බැඳුන අලුත. දිනක් මා ක්‍රීඩාංගනයේ සිටියදී ඩැරන් මා වෙත පැමිණ ඇසුවා, " පුතා, ඔබ Spinner කෙනෙක් වෙන්න කැමතිද ? " යනුවෙන්. මා ඔහුට පැවසුවා මා "Spinners" දැනටමත් භාවිතා කරන බවත්. ශේන් වෝර්න් මාගේ ප්‍රියතම පන්දු යවන්නා බවත්. ඇත්තටම "Spinners" අනෙක් වර්ගවලට වඩා ආකර්ශනීයයි.

ලියොන් තම මතකයන් එසේ අවදි කරයි.

අනතුරුව අප සම්බන්ධ කරගත්තේ ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුවේ සභාපති "ඇන්ඩෲ හිල්ඩිච්".

ක්‍රි. වා. : හිල්ඩිච් මහත්මයා, ඔබගේ නවතම දඟ පන්දු තාරකාව ලියොන් ගැන ඔබේ අදහස කුමක්ද ?

හිල්ඩිච් : ඔව්. අපි ඔහුගෙන් සුවිශේෂී පන්දු යවන්නෙකුගේ ලක්ෂණ දුටුවා. ඇත්ත වශයෙන්ම මීට පෙර එවැනි ලක්ෂණයක් අප දුටුවේ හිටපු විශිෂ්ට දඟ පන්දු යවන්නෙකු වූ බ්‍රැඩ් හොග් ගෙන්. විශේෂයෙන්ම එක්දින තරඟවලට අපට සිටි හොඳම දඟ පන්දුයවන්නෙක් තමයි හොග්. අවාසනාවකට වෝන් හා මැක්ගිල් නිසා ඔහුට ටෙස්ට් තරඟ ක්‍රීඩාකිරීමේ අවස්තාව බොහෝවිට මඟ හැරුනා. ඒ වගේම, හොග් තරම්ම නොවුනත් ෂේන් වෝන් ද ඇතැම් වෙලාවන්හිදී පන්දු යැවීම සඳහා දිව උපයෝගී කරගත්තා.


ක්‍රි. වා. : එතකොට ඔබත් ලියොන්ගෙන් එවැනි දස්කම් බලාපොරොත්තු වෙනවා ?

හිල්ඩිච් : අනිවාර්යෙන්ම. ඔහුට තම දිව පන්දු යැවීමට යොඳා ගැනීමේ සුවිශේෂී හැකියාවක් තිබෙනවා. මෙතෙක් ඔහු සහභාගී වූ පළමු පෙළ තරඟ 4 තුළදී පන්දුවාර 173 කුත් එක් පන්දුවක් යවා ඇති අතර, එහිදී ඔහු පන්දුවාර 167. 1 ක් යැවීම සඳහා දිව උපයෝගීකරගෙන තිබෙනවා. එය 96.5% ක ප්‍රතිශතයක්.

ක්‍රි. වා. : ඉතුරු පන්දුවාර 6 ?

හිල්ඩිච් : අහ්... එක් දිනයකදී, තේ පානයෙන් අනතුරුව ඔහුට තම දිව උපයෝගී කරගැනීමේ බාධාවක් මතුවුනා.

මෙලෙස ඔස්ට්‍රේලියානු තේරීම් කමිටුව හා ලියොන්ගේ පුණුකරු ඇතුළු සුවහසක් ක්‍රීඩා ලෝලීන් ලියොන් ගැන තබා ඇති බලාපොරොත්තු අතිමහත්ය.

සැ. යු. : මෙය හුදු ප්‍රබන්ධයක් පමණි

රචනය : සිදත් සමීර

You may like these articles

  • Australia sealed the Rose Bowl series 4-2
  • Malinga turned down offers to play T20 leagues in South Africa and Australia.
  • Something similar to Sri Lankan middle order
  • Asia Cup 2012: Full schedule & Fixtures | Live Stream |
  • Bits and pieces before Australia –West Indies
  • 'THAT' Day 16 Years Ago - In 1996 we done it and proved
  • Profile: Tillakaratne Dilshan
  • Sri Lanka: Undisputed World Champions
  • Thomians Regain Mustangs in Match Struck with Confusion
  • Pakistan to tour Sri Lanka
නන්නාඳුනන දඟ පන්දු යවන්නාගේ ආගමනය
Tweet
Website Design Brisbane

RED BULL CAMPUS WORLD FINALS

Other Online Games

  • Play 3D cricket game on Chrome free
  • Cricket Master blaster game online
  • Flash Cricket game online
  • Cricket 2009 Game online
  • Ashes 2009 Cricket Game online
  • Gully Cricket Game online
  • Test Catch Cricket game online
  • Body line Cricket Game
  • Zomie Cricket Game online
  • Book Cricket online game
  • Top Spinner Cricket Game online
  • Hit the Sign – Cricket 2011 game online
  • IPL Cricekt Game online
  • Master Blaster Cricket online game
  • World Cricket 2012 Game online
  • Cann online cricket game
  • Smashtastic Cricket Game online play
  • Fatafat Cricket Game
  • Cricket World Cup 2011 Game
  • Super Cricket online game play free.
Related Funny Stories
Dhoni is my best friend and SLC is BCCI's best friend - N Srinivasan on 27 February 2013

MS Dhoni's facebook wall after Pakistan's innings on 02 February 2013

Cricket Resolutions 2013 on 01 January 2013

Mahela Jayawardene, the Greatest Sri Lankan Test batsman - Fantasy vs Reality on 01 January 2013

Stuart Broad is responsible for England's loss - Morgan on 25 September 2012

ඉන්දියාවේ 'ඉන්සයිඩ් ක්‍රිකට්' on 09 March 2012

Fun: BCCI investigates un-Sri Lankan team on 05 March 2012

Fun: Malinga missed century & scored 96 Runs in 46 Balls. on 28 February 2012

Shaun Marsh's facebook wall on 03 February 2012

මයිකල් ක්ලාර්ක් මල්ලීගෙන් දිල්ෂාන් අයියාට ලියුමක් on 13 January 2012

- Entire Category -


  • Article/Video Submission Help
  • RSS Feed
  • Site Map
  • Add Url
  • Crew
  • Player Profiles
  • Contact Us
  • Staff column
  • CL T20 2012
  • Carlton Rugby 7s
  • SLPL T20 2012
  • T20 World Cup 2012
  • Fixtures
  • Photo Story
  • Travel Sri Lanka t20 world cup
  • Sri Lanka Videos
Copyright © CRiCTURF. All rights reserved.



  • Forgot your password?
  • Forgot your username?